ආර්ථික අර්බුදය මැද බැඳුම්කර නිකුත් කිරීමෙන් ආණ්ඩුව, මහ බැංකුව හරහා දැවැන්ත මංකොල්ලයක් සිදුකරන බව '

පෙරටුගාමී සමාජවාදී පක්ෂය' පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (19) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව එම කාරණය අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

"අර්ථසාධක අරමුදල කොල්ල කමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන පසුගිය කාලයේ සාකච්ඡාවට ලක් වුණා. අපි අද හෙළිදරව් කරනවා මේ රනිල් රාජපක්ෂ පාලනය, මහබැංකුව දැනුවත්ව කළ මේ මහා කොල්ලයේ ස්වභාවය ගැන.



මහබැංකුවෙ අධිපතිවරයා මේ අරමුදල් කොල්ලය සාධාරණිකකරණය කළේ දැනට අරමුදල්වලින් 14%ක බදු අය කරන්නෙ. ඕන නම් ඒක 30% දක්වා වැඩි කරන්න පුලුවන් කියලා. හේතුව ලෙස කිව්වෙ ප්‍රාථමික වෙළඳපොළේ ගැනුම්කරුවන්ට 30%ක් බදු අය කරනවා. බැංකුවලට 50%ක බදු අය කරනවා කියලා. නමුත් මහ බැංකුවෙම හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් තර්ක කරන්නෙ මහබැංකුවෙ අධිපතිවරයාගෙ කතාව පදනමින්ම විවේචනය කරමින්. ඔහු කියන්නෙ, මේ ප්‍රාථමික වෙළෙඳපොළේ ඉන්න මුල්‍යායතන ආණ්ඩුවට බදු ගෙවන්නෙ ඒ ආයතනවල මෙහෙයුම් වියදම් හා අනෙකුත් සියලු ගෙවීම් ඉවත් කළාට පස්සෙ ඉතිරිවන ලාභයට සාපේක්ෂව කියලා.


නමුත්, හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කියන්නෙ අර්ථසාධක අරමුදලෙන් මිලදී ගත් බැඳුම්කරවලට ලැබෙන පළවෙනි ආදායමට බදු ගැසීම කරන බවයි. උදාහරණයකට බැංකුවකින් බැඳුම්කර මිලදී ගත්තම බදු ගහන්නෙ ඒ බැංකුවේ ආදායමෙන් සියලු ගෙවීම්, මෙහෙයුම් වියදම් සිදු කළ පසුව එන ශුද්ධ ලාභයටයි. නමුත්, අර්ථසාධක අරමුදලේ ගෙවීම්, මෙහෙයුම් වියදම් සියල්ල ගෙවන්නත් පෙර සමස්ත ආදායමට බදු ගහනවා.

මේක තවදුරටත් විස්තර කළොත් 2022 අර්ථසාධක අරමුදලේ දළ ආදායම බිලියන 357ක්. ඒ වසරෙදි අරමුදලේ සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවීම් බිලියන 304ක් කළා. අරමුදලේ මෙහෙයුම් වියදම බිලියන 2.1ක්. සාමාන්‍යයෙන් බැඳුම්කර මිලදී ගැනීමෙන් ලාභයක් වගේම පාඩුවකුත් වෙන්න පුලුවන්. 2022දි අර්ථසාධක අරමුදලට හිමි වුණේ බිලියන 41ක අලාභයක්. මේ සියල්ල ගණනය කළාම ශුද්ධ ලාභ බිලියන 9.9යි. මෙන්න මේ බිලියන 9.9ට තමයි හරි ආකාරයෙන් බදු අයකළ යුතු වෙන්නෙ.

නමුත්, සමස්ත ආදායමටම බදු ගහන නිසා බිලියන 49න් බදු ගෙවා තිබෙනවා. ඒ කියන්නෙ ලාභයට සාපේක්ෂව 499%ක බද්දක් අර්ථසාධක අරමුදලෙන් අරගෙන තිබෙනවා.

 

මේ විදියටම අර්ථසාධක අරමුදලෙන් 2021 අවුරුද්දෙ 88%ක බද්දක් අය කරගෙන තිබෙනවා. 2020දි, 70%ක බදු අය කරගෙන තිබෙනවා. දැන් ප්‍රාථමික වෙළඳපොලේ අනෙකුත් ගැනුම්කරුවන් 30%ක බදු ගෙවලා සහ බැංකු 50%ක් බදු ගෙවලා කියලා මහබැංකුවෙ අධිපතිවරයා කියනවා.



නමුත් දැන් අපිට පෙනෙනවා, අර්ථ සාධක අරමුදලින් පසුගිය 2020 අවුරුද්දෙ 70%ක් බදු ගෙවලා. 2021දි 88%ක බදු ගෙවලා. පහුගිය අවුරුද්දෙ, මේ ආර්ථික අර්බුදය ව්‍යසනයක්ව තියෙද්දි 2022 අර්ථසාධක අරමුදලෙන් 490% බදු අය කරලා.

දැන් මේ බැඳුම්කර ගනුදෙනු ගැන ජනතාව තොරතුරු දන්නෙ අඩුවෙන්. ඒ නිසාම සාමාන්‍ය ජනතාවට මේ වංචනික තත්වයන් ගැන වටහා ගැනීමක් කරන්න මේ සාකච්ඡාව ඒ මට්ටමට ගෙන යන්න අපි කල්පනා කළා. සාමාන්‍යයෙන් මහබැංකුව විසින් නිකුත් කරන බැඳුම්කරයක මුහුණත වටිනාකම රුපියල් මිලියන ගණන් වෙනවා. නමුත් මේ බැඳුම්කර මිලදීගන්න ප්‍රථමික ගැනුම්කරුවන් සමාගම් 13ක් ඉන්නවා. ඒ අය සාමාන්‍යයන් බැඳම්කර මිලදී ගන්නෙ මුහුණත වටිනාකමට නෙවෙයි, වෙන්දේසිය තුළ ඒක වෙනස් කරගන්නවා.

උදාහරණයකට බැඳුම්කරයක මුහුණත වටිනාකම රුපියල් 100 නම්, වෙන්දේසියෙදි ඊට ලැබෙන්නෙ රුපියල් 80ක්, 60ක් එහෙම නැත්නම් රු. 110ක් වෙන්න පුලුවන්. දැන් රුපියල් 100 බැඳුම්කරය 80ට නම් යන්නෙ 80%ක වටිනාකමක් ලෙස සළකා බලනු ලබනවා.

ඒ වගේම මහ බැංකුව විසින් තබන කූපන් වටිනාකම 18%ක් පමණ වෙනවා. ඒ නිසා රුපියල් 80 මත 18%ක වටිනාකමක් ගැනුම්කරුවන්ට හිමි වෙනවා. ඒ නිසා ඇත්තටම ලැබෙන ප්‍රතිලාභය 22.5%ක් වෙනවා. බැඳුම්කර නිකුත් කිරීමෙන් පසුව, මහබැංකුව නිකුත් කරන කූපන් වටිනාකම මාස හයකට වරක් ගෙවිය යුතුයි.

අපි මේක පසුගිය අවුරුද්දෙ බැඳුම්කර සම්බන්ධයෙන් බැලුවම ගිය අවුරුද්දෙ 33%ක ප්‍රතිලාභ හිමිකමක් ලැබුණා. පසුගිය අවුරුදුවල වුණේ කොහොමද කියලා බැලුවොත් 2022 අවුරුද්දෙ මුල් කාලෙ තනි ඉලක්කමක්ව තිබුණු ප්‍රතිලාභ හිමිකම් අනුපාතය අප්‍රේල් වැනිදා 29% දක්වා ඉහළ ගියා. ඉතින් 2022 අප්‍රේල් 1 වැනිදා සිට මේ අවුරුද්දෙ 2023සැප්තැම්බර් 15 දක්වා මාස 16කදි බැඳුම්කර බිලියන 1825ක. ඒ බැඳුම්කරවල ප්‍රතිලාබ ගෙවීමෙදි 2023 අවුරුද්දට බිලියන 393ක්, ලබන අවුරුද්දෙ 2024 බිලියන 453ක් සහ නැවත 2025දි බිලියන 453ක්. ඒ කියන්නෙ බැඳුම්කර බිලියන 1825ට ප්‍රතිලාභ 25% ගානෙ ගෙවා ගෙන යන්න ඕන. නමුත්, මහබැංකුව කියනවා, කරන්න දෙයක් නෑ, මේ අවුරුද්දෙ අර්ථසාධක අරමුදලට ගෙවන්න වෙන්නෙ 12කේ. ඊළග අවුරුද්දෙ ඉඳලා 9% බැගින් ගෙවන්න වෙන්නෙ.



අපි මහ බැංකුවෙන් අහනවා, සමස්ත ණය ගැනනෙ මේ කතා කරන්නෙ. මේ බැඳම්කර හිමිකර ගත් ප්‍රාථමික ගැනුම්කරුවන්ට බිලියන 453ක් වගේ ගෙවනවා, 25% ගානෙ, එහෙම නම්, ඇයි අර්ථසාධක අරමුදලට 12%ක් විතරක් ගෙවන්න වෙන්නෙ කියන්නෙ?



අපි පැහැදිලිව කියනවා මේ 2022 අවුරුද්දෙ අප්‍රේල් සිට අද දක්වා තමයි බැඳුම්කරවලට වැඩිම ප්‍රතිලාභ අනුපාත ගෙවන්න පටන් ගෙන තියෙන්නෙ. ඒ බැඳුම්කර වටිනාකමෙන් 30%, 33%, 29% 28% වශයෙන් ගෙවීමට මහබැංකුව තීන්දු කර තිබෙනවා. අපි අහන්නෙ ඇයි මේ ප්‍රතිලාභ ප්‍රතිශත පහළට නොගෙනාවෙ? එහෙම ප්‍රතිශතය 15% දක්වා පහළට ගෙනාවා නම් ගෙවන්න ඕන බිලියන 273ක් පමණයි, ඒ නිසා රුපියල් බිලියන 180ක් ඉතිරි වෙනවා. ඒ නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුව මහබැංකුව හරහා මහජනතාවගේ අරමුදල් බරපතළ මංකොල්ලයක් සිදුකරනවා. දැන් මේ ගෙවීම් කරන්නෙ කොහොමද? ජනතාවට අසාධාරණ ලෙස බදු ගහලා අය කර ගන්න මුදලින් තමයි මේවා ගෙවන්නෙ. ප්‍රාථමික ගැනුම්කරුවන් සමාගම් 13කගේ කටවල්වලට වක් කරන්න තමයි මේ බදු ගහන්නෙ.



ඒ නිසා පෙට්‍රල්වලට රුපියල් 100 බදු ගහනවා. 15%ක වැටු බද්දක් ගහනවා. රටේම ඉන්න වෘත්තිකයන්ට රට දාල යන්න හිතෙන විදියට වැටුපට බදු ගහනවා. විදුලි බිල වැඩි කරනවා. මේ සේරම අය කරලා, වෙනත් වියදම්වලට ගෙවන ගමන්ම මේ ව්‍යාපාරික පන්තියේ සමාගම් 13ට බිලියන 453ක් වක්කරනවා. පසුගිය අවුරුද්දෙ මේ ඇති වෙලා තියෙන්නෙ විශේෂ තත්වයක්.



'කැපිටල් එලායන්ස්'
'ෆස්ට් කැපිටල් ට්‍රෙෂරිස්'

මේ විදියට ආර්තික අර්බුදය මැද බැඳම්කරවලට ආයෝජනය කරලා අති විශාල ලාභයක් ගන්න සමාගම්වල ලාභ ගැන අපි හෙලි කරනවා. මේ එක සමාගමක් 'කැපිටල් එලායන්ස්'. පසුගිය වසර 5 ලාභය සම්බන්ධ වාර්තා සමස්ත ලාභය 2021දි මිලියන 1270, 2020 මිලියන 1007යි, 2019දි මිලියන 37යි.

නමුත් පහුගිය අවුරුදුද 5ටම ගත් ලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් 2023 පසුගිය මාස 3කදි අප්‍රෙල්, මැයි, ජූනිවලදි හිමිකර ගෙන තිබෙනවා මිලියන 4277ක්.

ඊළඟට අනෙක් සමාගම 'ෆස්ට් කැපිටල් ට්‍රෙෂරිස්' ලැබූ ප්‍රතිලාභ 2019 මිලියන 137යි, 2020 මිලියන 1751යි. 2021 මිලියන 2397යි. 2022 පාඩුවක් ලබලා මිලියන 889ක්. 2023දි මිලියන 3752ක ලාභයක් ලබනවා.



අපි මේ සමාගම් දෙකේ පමණක් පසුගිය අප්‍රේල්-ජූනි මාස 3 ලාභය බැලුවම මිලියන 8062ක් වෙනවා. ඔවුන් බිලියන 8ක අගයක් ලබා තිබෙනවා. අපි මේක සංසන්දනය කළොත්, වතු කම්කරුවෙක් මාසෙකට 20,000ක් ගන්නවා නම්, වතු කම්කරුවන් ලක්ෂ 1.4ක් ඉන්නවා කියලා ගණන් බැලුවම මාස 3ක් සමස්ත කම්කරුවන් ගන්නා වැටුපයි, මේ සමාගම්වල මාස 3 ශුද්ධ ලාභයයි සමානයි. අපි අහනවා මේ තරම් ලාභයක් ඔවුන් අත්පත් කර ගනිද්දි හමොම ගෙවනවද මේ ලාභය අරගෙන.



අපි දත්ත සහිතව මේවා කතා කරන්නෙ. බැඳුම්කරයෙන් බැදුම්කරයට දත්ත මෙතන තියෙනවා.

බැඳුම්කර සඳහා මහ බැංකුව 29% බැගින් 2032 දක්වා අවුරුදු 9ක් මේ සමාගම්වලට ගෙවන්න ඕන. එහෙම ගවෙන්න පුළුවන් නම් මොකක්ද රටේ තියෙන අර්බුදය? නමුත් අර්ථ සාධක අරමුදලට 9%ක් ගෙවන්න පුලුවන්. ඇයි මේ අයට 29%ක ප්‍රතිලාභ ලබා දෙන්නෙ?

අපි අහන්නෙ ආණ්ඩුව කියන ඔය ණය ප්‍රශස්තකරණයෙදි ඇයි මේ සමාගම් ඊට අදාළ නොවෙන්නෙ? භාණ්ඩාගාර බැඳුම්කර හරහා දිගින් දිගටම මේ මංකොල්ලය සිදු වෙනවා, ඉදිරි වසරවලත් සිදුවන්න නියමිතයි.



මේ සාමාන්‍ය තත්වය නෙවෙයි, ආර්ථික අර්බුදය මැද නිකුත් කළ බැඳුම්කරවලට මහ බැංකුව ලබාදුන් ප්‍රතිලාභ ප්‍රතිශත 29% 30% 33% වගේ ගෙවන්නෙ. දැන් අපි කිව්ව විදියට බිලියන 453ක් ලබන වසරේ ගෙවන එක වෙනුවට 15% ගෙවනවා නම් බිලියන 180ක් ඉතිරි කරන්න පුළුවන්. ආණ්ඩුව කියන විදියට පලාත්පාලන මැතිවරණය තියන්න බැරි වුණේ බිලියන 10ක් නැති නිසා, නමුත් මේ බිලියන 453ක් ගෙවනවා. වගා හානියට ගොවියන්ට ගෙවන්න තීරණය කළේ 40,000 ගානෙ. නමුත් ගොවීන් ලක්ෂයක් ඉල්ලනවා, එහෙම ගොවින් ඉල්ලන වන්දිය ගෙවන්නත් යන්නෙ බිලියන 5යි.


මේ වනවිට පාසල්වල සියලු දේට දෙමාපියන්ගෙන් මුදල් අය කරනවා. පසුගිය අවුරුද්දට ආණ්ඩුවෙන් වෙන් කළ පාසල්වල ප්‍රාග්ධන වියදම බිලියන 55යි. අපි කියන විදියට බිලියන 180ක් ඉතිරු කලොත් මේ තත්වය වෙනස් කරන්න පුලුවන්.

මේ අවුරුද්දෙ අය වැය හිගය බිලියන 2411ක්. නමුත් ගෙවන්න යන බැඳුම්කර ප්‍රතිලාභ කියන්නෙ අය වැය හිගයෙන් 18%ක්.

ඊළඟට පොහොර සහනාධාරය වන් කළ මුදල බිලියන 10ක්.

පාසල් පොත් වලට බිලියන 16ක්. නිල ඇඳුම්වලට බිලියන 7.8ක් ඉතින් බිලියන 453ක් ගෙවන එක වෙනුවට 180ක් ඉතිරි කරගත්තොත් මේවා වෙනස් කරන්න පුලුවන්. ඒ වගේම 2022දි මේ රටේ ඖෂධවලට වෙන් කළේ බිලියන 58යි. දැන් අපි ඖෂධ හිගයකට මුන දී ඉන්නෙ. පෙට් ස්කෑන් යන්ත්‍රයට වියදම් වෙන්නෙ මිලියන 200ක්. හෘද රෝග දැඩි සත්කාර ඒකකයක් හදන්න යන්නෙ බිලියන 12ක්. ඉතින් බිලියන 453 ගානෙ බැඳුම්කර වලට ගෙවන්න කොහෙන්ද සල්ලි ගරන්නෙ? බදු මුදලින් මේ කොල්ලය සිදු කරන්නෙ.



ඒ නිසා අපි කියනවා, අර්ථසාධක අරමුදලට 12% ගෙවන්න යන ඒකත් 9% අඩු කරන්න යන රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් මහබැංකුවත් මේවට උත්තර දිය යුතුයි. දැන් මහ බැංකු බැඳුම්කර වංචා චෝදනාවට සම්බන්ධ කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉන්නවා මේ බැඳුම්කර ගනුදෙනුවල. මේ ඉදිරි වසරවල සිදුවන බැඳුම්කර සම්බන්ධ මංකොල්ලයට අදාළ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන්න කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා."

 

 

 

JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්