2023 උසස් පෙළ විභාගය කල් දමන ලෙසට සමගි ජන බලවේගයේ

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඇය මේ යෝජනාව ඉදිරිපත් කළේ, අද (සැප්.19) පාර්ලිමේන්තුවේදී ය.

 2024 ජනවාරි 22 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ උසස් පෙළ විභාගය පවත්වන ලෙසත් පෙබරවාරි 19 වන දා 2024 පළමු වාරය ආරම්භ කරන ලෙසත් රෝහිණි කවිරත්න ඉල්ලා සිටියේය.

“නොවැම්බර් 21 හෝ 27 උසස් පෙළ නොතියා පාසල් තෙවන වාරය ඔබතුමාට පුළුවන් නම් 2023.10.30 ඉදලා 2023.12.22 කට සති 8කුත් 2024 .01.01 ඉදලා 2024.01.19 ට සති තුනකුත් විදිහට අරගෙන පාසල් වාරය ඉවර කරන්න පුළුවන්. මේ 1 වසරේ සිට 12 වසරේ ඉන්න දරුවන්ට. ඊළඟට උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කළොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළ ප්‍රතිඵල ලබන ජනවාරි ලියන ළමයින්ගේ මාස තුනකින් දුන්නොත් මැයි මාසේ ප්‍රතිඵල දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කර ගන්න පුළුවන්.” මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

 


මේ අතර 2023 උසස් පෙළ සිසු සිසුවියන් පිරිසක් ද ඔවුන් මුහුණපා ඇති ගැටළු හා ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කරමින් උසස් පෙළ විභාගය මාස 3කින් කල් දාන්නයි ඉල්ලා තිබේ.



උසස්පෙළ විභාගයට දින නියම කරලා තියෙන්නෙ නොවැම්බර් මාසේ 27 දිනටය.  උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වුයේ මිට දින කිහිපයකට පෙරය. මෙම සිසු සිසුවියන් ඉල්ලා සිටින්නේ, ප්‍රතිපල පමා වූ හෙයින් විභාගය මාස 3කින් කල් දැමීමට කටයුතු කරන ලෙසයි.

00001 1

00001 4

00001 3

00001 2

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image