1200 x 80 DMirror

උතුරේ දෙමල ජනතාව මහවිරු දිනත්, දකුණේ ඇතැමුන් ඉල්මහ විරුදිනත්

වාර්ෂිකව සමරන නමුත්, මෙරට සාමකාමී මුස්ලිම් ප්‍රජාව කිසිඳු ලෙසකින් පාස්කු ඉරිදා මරාගෙන මැරුණ අන්තවාදීන් සමරන්නේ නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.

මුස්ලිම් කොන්ග්‍රස් නායකයා එබව කියා සිටියේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙතෙක් පැවති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ අද (19) කැඳවා තිබු විශේෂ රැස්වීමේදීය.

විමර්ශනවල ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් මෙම රැස්වීමට පැමිණ සිටි අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 50කට ආසන්න පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී පිල්ලෙයාන් රාජ්‍ය අමාත්‍යවරයා සමග ඇතිවූ මත ගැටුමකදී මුස්ලිම් කොන්ග්‍රස් නායකයා තවදුරටත් කියා සිටියේ, සහාරන් ඇතුළු අන්තවාදීන්ගේ මළසිරුරු බාර ගැනීමට පවා මුස්ලිම් ප්‍රජාව ප්‍රතික්ෂේප කල බවයි.

මුස්ලිම් අන්තවාදී පිරිස් ආරක්ෂක අංශවෙත හසුකරදීමට පළමු පියවර ගනු ලැබුවේද මුස්ලිම් ප්‍රජාව බවත්, ඒ වනවිට ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව නොදැන සිටි බවත් පැවසු මුස්ලිම් කොන්ග්‍රස් නායකයා, ආරක්ෂක අංශ විසින් අද සිදුකල සාකච්ජාවේදී ද එම කාරණය අනාවරණය වීම සතුටට කාරණයක් බවද කියා සිටියේය.

කෙසේවුවද පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැඟවුණු තොරතුරු වහා ම හෙළිදරව් කරගැනීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කළේය. 

 
 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්