සමාජ මාධ්‍ය නියාමන පනතක වගකීම පොලිස් ඇමතිවරයා පිට පැටවීම ඔහුව පෞද්ගලිකව ම අපහසුතාවන්ට පත් කිරීමේ වෙනත් පාර්ශ්වයක උත්සාහයක් විය හැකි යයි ආචාර්ය රංග කලන්සූරිය පවසයි.

සමාජ මාධ්‍ය නියාමන පනතක වගකීම පොලිස් ඇමතිවරයා විසින් බාරගැනීම ම මේ පනතේ භයානක බව පෙන්නුම් කිරීමක් බව ද ඔහු අවධාරණය කර සිටියි. 

සමාජ මාධ්‍ය පරිහරණය කරන විශේෂයෙන් ම තරුණ ප්‍රජාව මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු බවත්, සමාජ මාධ්‍ය සමාගම් මේ පනත යටතට පත් කිරීමෙන් මාක් සකර්බග් අලුත්කඩේ උසාවියට කැඳවීමට ආණ්ඩුව අදහස් කරන බව පෙනී යන්නේ යැයි ද රංග කලන්සූරිය කියයි.

ආචාර්ය රංග කලන්සූරිය එබව කියා සිටියේ 'හරි TV ' සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය. 

එම සංවාදයේදී ඔහු මෙසේ අදහස් දැක්විය. 

'' කියනවටත් වඩා මේ යකා කලුයි ''

sdrew
'' මේක සමාජ මාධ්‍ය නියාමන පනතක් විතරක් නෙමෙයි. මේකේ කියන්නේ ඔන්ලයින් සේෆ් ටීබිල්. ඒ කියන්නේ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතක්. මේක තාම පනතක් නෙමෙයි. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි. ඔබ වැනි යූ ටියුබ් එතකොට වෙබ් සයිට් ඔන්ලයින් ඩොමේන් එකේ තියෙන ඔක්කොම මේකට අහුවෙනවා. ඇත්තටම  කියනවටත් වඩා මේ යකා කලුයි. මං මගේ නිර්වචනය අනුව, මේකෙන් භාෂණයේ නිදහසට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියට ඇතිවන බලපෑම ඉතා විශාලයි. මේකෙන් මිනිස්සු බය වෙනවා කතා කරන්න. දැන් අර උදේ මනෝරම දාලා තිබ්බා වගේ මිනිස්සු බය වෙනවා, මේ ගැන කතා කරන්න. 

ප්‍රශ්නය :
ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා අල්ලේ නටවන එකක්ද මේ පනත?


රංග :
1609989618 trumpඑහෙම අල්ලේ නටවන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මොකද එහෙම අල්ලේ නටවන්න ලෝකයේ විවිධ රටවල් උත්සාහ කළා. යුරෝපය හැරෙන්න වෙන කිසි රටකට ඒක කරන්න බැරි වුණා. දැන් උදාහරණයකට ගන්න. ජනාධිපති වෙලා ඉන්දෙද්දිනේ ඩොනල්ඩ් ට්රම්ප්ගේ ට්විටර් ගිණුම තහනම් කරන්නේ. බ්ලොක් කරන්නේ. ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිටත් වඩා ඒ සමාගම් ඉහළයි. ඉතින් එහෙම සමාගමකට ලංකාවේ නීතියක් ගෙනල්ලා පුළුවන්ද අල්ලේ නටවන්න කියන එක මට හිතාගන්න අමාරුයි.


ප්‍රශ්නය :
නියාමනයක් ඕනේ. මෙතන ප්‍රශ්න තියෙනවා. ඔබතුමා ඉන්නවද නියාමනයක් ඕනේ නැහැ කියලා?

රංග :
 මම විතරක් නෙමෙයි  ෆේස්බුක් සමාගමේ අයිතිකාරයා සකර්බර්ග් මහත්තයත් කියනවා ඔවුන්ට නියාමනයක් ඕනෙයි කියලා. දැන් ගිය සුමානේ මේ සතියේ ප්‍රංශයේ ලේමොන්ඩ් පුවත්පතේ කාටුන් එකේ තියෙන්න, සකර්බර්ග් මහත්තයා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා මාව නියාමනය කරන්න කියලා. "රෙගියුලේට් මී කියලා" කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් නියාමනයක් ඕනෙ. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. කාටත් ප්‍රශ්නයක් තියෙනවා. සමාජ මාධ්‍ය සමාගම් වලට ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා. ඔබටයි මටයි ප්‍රශ්නයක් තියෙනවා. අපිට හොරෙන් ඇවිල්ලා වටෙන් ඇවිල්ලා ගහනව. ඉතින් කාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි යථාර්ථය. 

mz w
හැබැයි ඒ ප්‍රශ්නය මෙහෙම නීති ගෙනල්ලා විසඳන්න පුලුවන්ද? මොකද මේක ගෝලීය ප්‍රශ්නයක්. ගෝලීය ප්‍රශ්නයකට දේශීය නීතියකින් විසඳුම් හොයන්න පුලුවන්ද? ඒකයි මම මේ අහන්නේ. අපේ ප්‍රශ්නෙ ඒකයි. මේ වෙනකොට ෆේස්බුක් කොම්පැනියේ විතරක් යූසර්ස්ලා ඉන්නවා බිලියන තුනක්. මිලියන තුන්දාහක්. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් භාගෙකට ටිකක් ආසන්න ගානක්. හිතන්නකො ලෝකේ කිසිම කම්පැනියක් තියෙනවද ලෝක ජනගහනයෙන් භාගයක් කස්ටමර්ස්ලා ඉන්න. මේ එහෙම සමාගමක්. මේ බිලියන තුනම ඕකේ කොටනවානේ. දිනපතා කොටනවා. ඒ විවිධ භාෂාවලින් කොටනවා. විවිධ දේවල් ලියනවා. මේක නියාමනය කරගන්න සකර්බර්ග් බර්ග් මහත්තයටවත් බැහැ.

 

දැන් මේක එන්නේ මැතිවරණ වටපිටාවක. ලබන අවුරුද්දේ ලංකාවෙ මැතිවරණ කීපයක් ම තියෙනවා. ගිය අවුරුද්දේ ලක්ෂ ගාණක් පාරට බැහැපු අරගලයක් තිබුණා. දැන් අපි ඉන්නේ මේ සංක්‍රාන්තියෙ මැද. එතකොට ඊළඟ මැතිවරණයේදී තායිලන්තය වගේ වෙනසක් වෙන්න පුළුවන්. තායිලන්තයෙ මොකද උනේ? තරුණ, තරුණියෝ ඇවිල්ලා අපි දේශපාලන පක්ෂයක් හදාගෙන ඡ්න්දෙ දිනුවා. බලයට එන්න පුළුවන් උනත් ආණ්ඩුව ගන්න බැරි වුණා. ඒක වෙනම කතාවක්. හැබැයි ඡන්දෙ දින්නා. ඒගොල්ලෝ මොකද කිව්වේ? අංකල්ලා ඇන්ටිලා ගෙදර යවමු කිව්වා. දැන් ඒ වගේ දෙයක් මෙහෙ වෙයි කියලා බයක් තියෙනවද කියලා මට සැකයක් හිතුණා. මොකද ලංකාවෙත් දැනට මිලියන එකොළහක්, ඒ කියන්නේ ජනගහනයෙන් භාගයක් ෆේස්බුක් එක විතරක් පාවිච්චි කරනවා. ඒකෙනුත් බහුතරය, අති බහුතරය තරුණ තරුණියෝ. දේශපාලනය කතා කරනවා. තර්ක විතර්ක ගේනවා. රජය විවේචනය කරනවා. ආණ්ඩුවේ දේශපාලඥයෝ විවේචනය කරනවා. එතකොට මේක ඉතින් ඉවසා දරා ගන්න බැරි නං ඒ විවේචනය දරාගන්න බැරි නං ඉතින් මෙහෙම නීති ගේනවා ද කියලා අපිට සැකේ එනවා.

 

ෆේක් ගිණුම් ගැන වාදයක් තියෙනවා. මොකද  ඒක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්. නමින් කියන්න බැරිනම් යමක් මට වෙන නමකින් හරි එලි කරන්න පුළුවන් වෙන්න ඕනෙ. රජයේ යම් දූෂණයක් අපි ඔය තියෙන්නේ ඉන්වෙස්ටිගේටිව් ජනර්ලිසම් වල එහෙම අපිට නමින් කියන්න බැරි නම් අපි හොර නමකින් කියනවා. දැන් පත්තර වල ලියන්නේ විසිල් බ්ලෝවර්ස්ලා කියලා කියන්නේ. ඒ සමාජයේ සිටිය යුතු කොටසක්. ඔවුන් මේවා හුවා දක්වනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි ෆේක් ෆ්‍රොපයිල් තියෙන්න ඕනේ. හැබැයි ඒවා සමාජයේ යහපතට විතරයි. කරන්නෙ අයහපතක් නං පියවර ගන්න ඕනෙ. 

ලංකාවේ විතරක් නෙමෙයි. මුළු ලෝකෙම සමාජ මාධ්‍ය නියාමනය අවශ්‍යයයි. 

''සමහර නීති නිකන් වඳුරාට දැලි පිහිය අහුවුණා වගේ''

සජිත් සහ අනුරට ජනපතිගෙන් ආරාධනාවක් !
සමහර නීති නිකන් වඳුරාට දැලි පිහිය අහුවුණා වගේනේ.  දැන් මේ නීතියත් එහෙමයි. මේ නීතිය ඊට හපන්. වඳුරාට දැලි පිහියට වඩා හපන් මේක. හරියට වඳුරගෙ අතට පොරොවක් දෙනවා වගෙ දෙයක්. මොකද ජනාධිපතිවරයා විසින් කොමිසමක් පිහිටවනව මේ නීතිය යටතේ. ජනාධිපතිවරයා කැමති පුද්ගලයෝ තමයි මේකට පත් කරන්නේ. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ අර මනෝරම් ලියපු සමනලයාද පැණි කුරුල්ලාද, ආණ්ඩුවට අපහාසයක්ද, නැද්ද කියලා. එතකොට කොහොමද ඒක තීරණය කරන්නේ? මොකක්ද නිර්ණායකය? මේක බොරුවක්ද, අපහාසයක්ද, නැද්ද කියලා තීරණය කරන්නේ කොමිසම. ඒක ඒගොල්ලොන්ගේ දේශපාලන දර්ශනය මත, ජනාධිපතිවරයාට තියෙන හිතවත්කම් මත තීරණය වෙයි. ඉතින් ඒ කොමිසම කොහොමද තීරණය කරන්නේ, මනෝරම් ලියන්නේ මේ පැණි කුරුල්ලා කියන්නේ කාටද කියලා. ඔහු ලියන්නේ ඇත්තටම පැණි කුරුල්ලෙක් ගැන වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකයි මේකේ තියෙන භයානකකම.

මම ප්‍රාර්ථනා කරනවා මේ පනත සම්මත වෙන්න එපා කියලා. මොකද ඕක සම්මත වුණොත් එහෙම ඔබට ඔහොම අපට මෙහෙම කතා කරන්නත් බැහැ. මොකද මේකත් අර කොමිසමට වැරදි වෙන්න පුළුවන්. ඔබ මෙයින් අර්ථ ගන්වන්නේ මෙයයි කියලා කොමිසම තීරණය කළොත් ඔබ හිරේ. ඉතින් ඒ හින්දා එහෙම තීරණ ගන්න බැහැ. මේ මේක ඩිජිටල් ලෝකයක්. ජනාධිපතිවරයා මේ සතියේ කියුබාවේ ගිහිල්ලා විනාඩි හතක බොහොම ලස්සන කතාවක් මේ ඩිජිටල් තාක්ෂණය ගැන කතා කරනවා. හැබැයි මේ එන පනත ඒකත් එක්ක සම්පූර්ණයෙන් යාදක නොරත රත වගේ.

''සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට බාරදීම අති භයානකයි''

 

මේක ජනාධිපතිතුමා නොදැනුවත් වෙන දෙයක්ද කියලා මම ද්න්නෙ නැහැ. හැබැයි ජනාධිපතිතුමාගේ මේ තාක්ෂණය පිළිබඳ දැනුමයි, රටේ අර අනාගතයයි ගැන එතුමා කතා කරන දේවල් මේකේ නෑ. මේකෙන් පොලිස් රාජ්‍යයක් එන්නේ. මේ පනත් කෙටුම්පත අපි දන්නවා අලි සබ්රි ඇමතිතුමා තමයි මුලින්ම අධිකරණ ඇමතිවරයා විදිහට ගේන්නේ. ඊට පස්සේ ඒක විජේදාස ඇමතිවරයාට මාරු වුණා. එයාගෙන් පස්සෙ දැන් ගිහිල්ලා පොලිස් ඇමතිතුමාට. දැන් මේ පනත ගේන්නේ පොලිස් ඇමතිතුමා. ඉතින් පොලිස් ඇමතිතුමාට මොකක්ද තියෙන සමාජ මාධ්‍ය නියාමනය ගැන පිළිබඳ වගකීම? ඒක වෙනම විෂයක්නේ. ඒක අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ විෂයක්. ඒක ඩිජිටල්කරණය පිළිබඳ විෂයක්. ඒක ආටිෆිෂල් ඉන්ටලිජන්ස්  පිළිබඳ විෂයක්. එතකොට මේක පොලිස් රාජ්‍යයක් බවට පත් කරන්නද මේ හදන්නේ? ඒකද මේ පනත පොලීසිය හරහ  එන්නෙ? සමහර විට මේක ටිරාන් අලස් ඇමතිවරයා පෞද්ගලිකව ම අපහසුතාවන්ට පත් කිරීමේ වෙන පාර්ශ්වයක උත්සාහයක් වෙන්නත් පුළුවන්. මොකෝ මේ පනත තරුණ ප්‍රජාව අතර ඉතා අප්‍රසාදයට පත්වෙන එකක්. ලෝකෙ බොහෝ රටවල ඒක උනා.

 

මම දන්නේ නැහැ, ආණ්ඩුව කොච්චර දුරට මේ පනත සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් එක්ක එක කතා කළාද කියලා. මොකද ගිය සතියෙත් ෆේස්බුක් සමාගමේ නියෝජිතයෝ ලංකාවේ හිටියා. ඇමතිවරුත් එක්ක ඒ අය කතා කළා. හැබැයි ඔවුන් එක්ක මේ පනත ගැන කතා කළාද කියලා අපිට අවබෝධයක් නැහැ. මොකද ඒ හැම එකක්ම, ආණ්ඩු සහ සිවිල් සමාජයත් එක්ක කතා කරන්න සූදානම්. අපි මැදිහත් වෙලා, අපි මේ සමාගම් දාහතක් සිංගප්පූරුවේ. අපි දැන් සාකච්ඡා කරලා ඔවුන්ට යම් ප්‍රමාණයක ආචාර ධර්ම පද්ධතියක් හදන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එහෙම නැතුව, සකර්බර්ග් මහත්තයත් පිළිගන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා කියලා, ආණ්ඩුවත් කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා කියල,  අපිත් කියනවා නම් ප්‍රශ්නයක් තියනවා කියලා, අපි විතරක් තනියෙන් මේකට විසඳුම් හොයන්න පුලුවන්ද? සකර්බර්ග් මහත්තයා නැතුව? එයාට පුළුවන් නම්, එයා වගේ ඉන්න අනිත් ප්ලැට්ෆෝම් වලටත් පුලුවන් නම් ඇමරිකාවේ ජනාධිපතිව බ්ලොක් කරන්න. අපි කවුද?

මේකේ අරමුණු දෙකක් තියනවා 

රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය අකැපද?
මේකේ අරමුණු දෙකක් එනවා. එකක් තමයි පාවිච්චි කරන අය නීතිය හමුවට ගේන එක. ඒ කියන්නේ රංග කලන්සූරිය කියන පුද්ගලයා නීතියට අල්ලගන්න පුළුවන්. ඔබ දාන කමෙන්ට් එකකට, ලයික් එකක් පවා. දැන් මියන්මා වල ලයික් එකක් දැම්මත් ඇරෙස්ට් කළා. ලයික් කරන්න බැහැනේ. ඇයි ආණ්ඩු විරෝධී විදියට ඔබ කොහොමද ලයික් කරන්නේ? එතකොට මේවා ඉතාම භයානකයි. දැන් මේවා ගැන මේ අවබෝධයක් නැතුව නෙ මේ  කරන්නේ. එතකොට දැන් එතකොට රංග කලන්සූරිය කියන කෙනා පිටරට හිටියොත්? රංග කලන්සූරිය ඇමෙරිකාවේ ගිහිල්ලා පදිංචි වෙලා මේක ලියනවා නං මොකෝ කරන්නෙ?. එහෙම ලියන අය අපේ යාළුවෝ ඉන්නවා නේ හුඟක් අය. එතකොට ආණ්ඩුව මොනවා කරන්න ද? අල්ලන්න බෑ නේ. ආණ්ඩුව ෆේස්බුක් සමාගමට කියයි අරයව බ්ලොක් කරන්න කියලා. එක්කෝ මේ පෝස්ට් එක අයින් කරන්න කියලා. ෆේස්බුක් සමාගම කියනවා ඒ අයගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. අපේ ආචාර ධර්ම අනුව ඒක ප්‍රශ්නයක් කරලා නැහැ. අපිට අයින් කරන්න බැහැ. එතකොට ආණ්ඩුව උසාවි යනවද ඇමරිකානු සමාගමට විරුද්ධව? ඇමරිකාවේ නීතියෙන් ක්‍රියාත්මක වෙන සමාගමට විරුද්ධව අපේ අලුත්කඩේ උසාවියේ නඩුවක් දානවද? දැන් සකර්බර්ග් මහත්තයා මෙහෙ එයිද? දැන් ඕවා ඇයි ඕවා කල්පනා කරන්නේ නැත්තේ? මේ ප්‍රායෝගික ප්‍රශ්න. 

පකිස්ථානය ඔහොම කළානේ. ගිය අවුරුද්දේ පකිස්ථානයේ කළා ම බොහොම පැහැදිලිව ෆේස්බුක් එකෙන් කිව්වා. ඕගොල්ලෝ නීති ගේන්න. ඕගොල්ලොන්ගේ ආණ්ඩුව, ඕගොල්ලොන්ට ඕන නීතියක් ගේන්න පුළුවන්. අපි අකුලගෙන යන්නම්.
 
 
මැතිවරණයක් ළඟ තියාගෙන විරුද්ධ මත පාලනය කළ යුතුයි. ඒක අනිවාර්යෙන් වෙන්න එපැයි. මේ තරුණ තරුණියෝ කතා වෙන දේවල්. එතකොට ඒවා බෑනේ. අමාරුයිනේ. දැන් අපි දන්නවා අපිට ලැබෙන ආරංචි අනුව මේක ප්‍රශ්නය එන්නේ හැමතිස්සෙම ආරක්ෂක මණ්ඩලය. ලංකාවේ සිකුරිටි කවුන්සිල් එකේදි හැමදාම ආරක්ෂක අංශ වලින් කියනවා අපිව විවේචනය කරනවා. පොලිසිය විවේචනය කරනවා. හමුදාව විවේචනය කරනවා. දේශපාලන අතින් තියෙන්නේ විවේචනයක් නැති රටක් තියෙනවද? මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ?
 
 
ඉතින් නිවන් සුව ප්‍රශ්නෙත් තියෙන්න ඇති මේකට. ප්‍රශ්නයක් විදිහට. ඉතින් දැන් එක ඇමතිතුමෙක් කිව්වනේ හිටපු ඇමතිතුමෙක් මේ නිවන් සුව නියාමනය කරන්න ඕනේ කියලා. ඉතින් නිවන් සුව නියාමනය කිරීම තමයි එතුමාට තියෙන ප්‍රශ්නෙ. එතකොට දැන් ඔය ඕක තමයි මානසිකත්වය. දැන් එතකොට අපි කොහොමද මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ? හොයන්න නම් මේ ඔක්කොමල්ලා එකට වාඩි වෙන්න ඕනේ. ගෝලීය ප්‍රශ්න විසඳන්න දේශීයව බැහැ. ඒ ගෝලීය ප්‍රශ්නෙ තියෙන්නේ එක්ක වාඩි වෙමු. ලංකාව වගේ රටකට මේක කරන්න පුළුවන්. අපි කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. සියලුම සමාගම් අපිත් එක්ක සාකච්ඡා කරන්න එකඟ වෙලා තියෙනවා. එහෙම එකඟ වෙලා තියෙද්දී පොලිස් ඇමතිතුමා පොලිස් නීතියක් ගේනවා. 

මහජන අදහස් නැතුව මේ වැඩේ කරන්න බැහැ. මේ හැම කෙනා ම සමාජ මාධ්‍ය පාවිච්චි කරන අයනේ. ඔබේ ආරක්ෂාව ඔබට සලසගන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේකට සමාජ කතිකාවතක් එන්න ඕනේ. සමාජය දැනුවත් වෙන්න ඕනේ. මේක මේ පනතක් විදියට එනවා නම් උසාවි යන්න ඕනේ. උසාවියට ගිය උසාවියටත් මේ සමාජ මාධ්‍ය  පරිහරණය කරන ලක්ෂ එකොළහකින් නම් අඩු ගානේ සීයට දහයක්වත් උසාවියට ගෙන්න ගත්තොත් අපිට සෑහෙන්න බලපෑමක් කරන්න පුළුවන්.


සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්  

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්