අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කරයි.


එහෙත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙතෙක් ඊට කැමැත්ත පළ කර නැතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

දැනට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයන් දරන හෙතෙම තවදුරටත් එම විෂයන් දැරීමට වඩාත් කැමැති බව ප්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වූ බවද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

රජය මුලින් යෝජනා කර තිබුණේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනකු පත් කිරීමටයි. එහෙත් පසුව එම තීන්දුව වෙනස් කර අමාත්‍ය විෂයන් හතරක් මාරු කිරීමට තීන්දු කර ඇත. කැබිනට් විෂයන් දෙකක් හෝ තුනක් පවරා ඇති අමාත්‍යවරුන්ගෙන් මෙම විෂයන් ඉවත් කර වෙනත් අයට පැවරීම සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු මේ වන විටත් හමාර කර ඇතැයි වාර්තා වෙයි.

ලබන වසර මැතිවරණ වසරක් වන නිසා හදිසියේ නව අමාත්‍යවරුන් පත්කිරීම අයෝග්‍ය බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව අමාත්‍ය විෂය මාරුව ගැන රජය උනන්දු වන බව දැනගන්නට ඇත.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්