2023 පළමු මාස තුන තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු සහ කාසිවලින්

රුපියල් බිලියන 828.7ක් කිසිදු බැංකුවක තැන්පත් නොකර මහජනතාව අත පවත්නා බව ''ලංකා පේ'' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා  සඳහන් කළේය.

ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සංසරණයට එක්කර ඇති නෝට්ටු සහ කාසි ප්‍රමාණය රුපියල් බිලියන 1,110.1 කි. ඉන් බිලියන 281.4ක් බැංකු සතුව පවතින අතර ඉතිරි රුපියල් බිලියන 828.7ක මුදල් ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් නොසලසමින් ජනතාව සතුව පවතින බව මහ බැංකුවේ නවතම මුදල් සංසරණ වාර්තාව උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් පිරිස් ආදායම් බදුවලින් ගැලවීම සඳහාත්, තමන්ගේ පහසුව සඳහා මෙන්ම වෙනත් හේතූන් මතද තම මුදල් බැංකුවල තැන්පත් නොකරන හෙයින් එම මුදල් සඳහා ඔවුනට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන අතර බැංකුවලට මහජනතාවට ණය ලබා දීම සඳහා මුදල් හිඟවන බවද ඒ මහතා සඳහන් කළේය.

මුදල් මුද්‍රණය, බෙදාහැරීම, ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු සංවිධානය කිරීම, පැරණි නෝට්ටු විනාශ කර නව නෝට්ටු මුද්‍රණය වැනි කටයුතු හෙවත් මුදල් පරිහරණ කාර්යය සඳහා වැය වන පිරිවැය ප්‍රමාණය මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5% ක් පමණ වේ. මෙලෙස වැඩි වශයෙන් පරිහරණය නොකර රඳවා තබාගෙන ඇත්තේ රුපියල් 5000 නෝට්ටු බවට අනාවරණ වී ඇතැයි ද චන්න ද සිල්වා සඳහන් කළේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්