ඇමෙරිකානු ඩොලර් මිලියන 50 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16) කට වැඩි ආයෝජන ව්‍යාපෘති ගෙන එන

දෙස් විදෙස් ආයෝජකයන්ට අවුරුදු දෙකක බදු විරාමයක් ලබා දීමටත් තීරු බදු රහිතව වාහන ගෙන්වීමටත් අවස්ථාව ලබා දීමටත් රජය සළකා බලමින් සිටි.

මෙම යෝජනාව 2024 අයවැයටත් ඇතුලත් වනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශාල ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට ඔවුන් කැමති වර්ගයේ මෝටර් රථ තීරු බදු රහිතව ගෙන්වීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එක් ආයෝජන ව්‍යාපෘතියකට තීරු බදු රහිතව ගෙන්වීමට අවසර ලැබෙන්නේ එක් වාහනයක් පමණක් බවත් මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

 

තවත් 2024 අයවැය යෝජනාවකින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් 100 කට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කරනු ඇති බවත් ඔවුන්ටද තීරු බදු රහිතව වාහන ගෙන් වීමට අවසර ලැබෙනු ඇති බවත් මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත. නමුත් තොරතුරු තාක්ෂණ සමාගම් වලට තීරු බදු රහිතව ගෙන්විය හැක්කේ විද්‍යුත් මෝටර් රථ පමණක් යැයිද මහා භාණ්ඩාගාරය පවසා තිබේ.

 

විශාල ආයෝජකයන්ට සහ තොරතුරු තාක්ෂණ සමාගම්වලට තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ අවසර ලබා දීම සහ වසර දෙකක බදු විරාමයක් ලබා දීම පිළිබඳ යෝජනාවන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම තහවුරු කර තිබේ. එසේම 2024 අයවැය මගින් නව ආයෝජන ප්‍රවර්ධන කාලප ඇතිකිරීමටද රජය බලාපොරොත්තු වන බව ඔහු පෙන්වා දී ඇත.

මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත් අමුණුගම අමාත්‍යවරයා පවසා තිබේ.

(lankadeepa.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්