රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ගේ මාමණ්ඩිය වන ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් ගාල්ලේ දී සිය මෝටර් රථය තුළ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාතාල සාමාජිකයින් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස යැයි

පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා රත්ගම විදුර නැමති පාතාල කල්ලි නායකයා සමග සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී අතර දැඩි වෛරයක් පවතින බැවින් මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කෙරේ.

රත්ගම විදුර නැමති පුද්ගලයා මේ වනවිට ඉතාලියේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, කොස්ගොඩ සුජී ඩුබායි හි සිටින බවට අනාවරණය වී තිබේ.

මොවුන් දකුණේ පාතාල සිද්ධි රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත.

කෙසේවෙතත් ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ද මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර ලබාදී ඇතැයි ද වාර්තා වේ.

ගාල්ල නගරයේ පිහිටි විශාලතම රෙදිපිළි අලෙවිසැල් හිමිකරු වන ඝාතනයට ලක්වු ලලිත් වසන්ත මෙන්ඩිස්, සිය ව්‍යාපාරික ස්ථානයේ සිට නැවත නිවස බලා එමින් සිටිය දී ඩික්සන් පාරේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු CCTV කැමරාවක ද සටහන්ව ඇත.

පොලීසිය පවසන්නේ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඒ අනුව ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයේ ස්ථාන රැසකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අයුරු දක්නට ලැබුණි.

එමෙන්ම එම ස්ථානයේ තිබී පතරොම් හිස් කොපු 24ක් පමණ පොලීසිය සොයාගෙන තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණත් ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

(adaderana.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්