තහනම් සංවිධානයක මියගිය සාමාජිකයකු අනුස්මරණය කිරීම චෝදනාවක් කොට ගනිමින්

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ගොනු කළ නඩුවකට හිටපු දෙමළ ජනතා නියෝජිතයකුට අධිචෝදනා භාර දුන් මහාධිකරණය ඇප මත ඔහු මුදා හැර ඇත.

ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

දිලීපන් නමින් ප්‍රකට එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාසයියා පාර්තිපන් 2020 වසරේ යාපනයේ දී අනුස්මරණය කිරීමේ චෝදනා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබු නඩුව 2023 සැප්තැම්බර් 22 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ එම නියෝගය ලබා දී තිබේ.

තුන් අවුරුද්දකට ඉහතදී පැවති සමරුවක් සම්බන්ධයෙන් අධිචෝදනා බාරදී ඇත්තේ ත්‍යාගි දිලීපන්ගේ 36 වැනි මරණානුස්මරණයට උතුරේ උසාවි දෙකක් අවසර දී, කොළඹ අධිකරණයක් තහනම් පනවා තිබියදීය.



2011 වසරේ අගෝස්තු 29 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරමින් නිකුත් කරනු ලැබු විශේෂ ගැසට් පත්‍රිකාව ඉක්මවා යමින් සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවට චෝදනා නගා නීතිපති දෙපාර්තමේන්තුව 2022 වසරේ මෙම නඩුව ගොනු කර තිබුනි.



ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ 27 වැනි වගන්තිය යටතේ තහනම් කළ සංවිධානයක සාමාජිකයෙකු වන රාසයියා පාර්තිපන්ගේ 33 වැනි අනුස්මරණය යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේදි 2020 සැප්තැම්බර් 15 හෝ ඊට පසුදින සිදු කිරීමට එම්.කේ සිවාජිලිංගම් කටයුතු කර ඇති බවයි.

මෙම නඩුව අවස්ථා හතකදී කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනුනද එම්.කේ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොමැති අතර නඩුව  අගෝස්තු 25 වැනි දා විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා එම්.කේ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් වරෙන්තුවක් නිකුත් කර තිබිණ.

ඒ අනුව සැප්තැම්බර් 22 වැනිදා නඩුව යළි කැදවු අවස්ථාවේ එම්.කේ සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහු වෙනුවෙන් පෙනී  සිටි නීතිඥයන් අධිකරණයට පැහැදිලිකර ඇත්තේ සිය සේවා දායකයා අයහපත් සෞඛ්‍ය හේතුන් මත ඉන්දියාවේ වෛද්‍යප්‍රතිකාර ලබා ගනිමින් සිටි හෙයින් අධිකරණයට පැමිණිමට හැකියාවක් නොතිබු බවයි.

තව දුරටත් ඔහු ප්‍රතිකාර ලබා ගත යුතු බැවින් ඔහු බන්ධනාගාරගත කිරීමක් සිදු නොකරන ලෙස නීතිඥයන් තව දුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ එම්.කේ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඇප තම නිදහස් කිරීමට නියෝග කර නඩුව ඔක්තෝබර් 20 වැනිදා යලි කැදවීමට තිරණය කර ඇත.

36 වැනි දිලීපන් සමරුව හෙට දිනයේ ඉහලින් පැවැත්වීමට උතුරු නැගෙනහිර කටයුතු සැලසුම් කෙරෙමින් පවතී.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්