BREAKING
Top Ad
පුවත්

ICCPR යටතේ චෝදනා එල්ල වූ රම්සි රසීක් වසර 03කට පසු චෝදනාවලින් නිදහස්වෙයි

T

The Leader Desk

September 26, 2023 • 3:38 PM

ICCPR යටතේ චෝදනා එල්ල වූ රම්සි රසීක් වසර 03කට පසු චෝදනාවලින් නිදහස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු
  • සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2020 අප්‍රේල් මාසයේ දී ය.
  • මේ කාලයේ දී මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර මේ අය සාමාජ මාධ්‍යවලින් සහ අනෙකුත් මාධ්‍යවලින් අරගෙන ගියා," ඔහු පවසයි.
  • "2020 මුල කාලෙ දි කොරෝනා ව්‍යාප්තියත් එක්ක මම දැක්කා එක පෝස්ට් එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුට පහර දුන්බව ද රම්සි රසීක් ප්‍රකාශ කරයි

මාර්ගගත ආරක්ෂණය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ සමාජයේ අවධානය යොමුව පවතින මොහොතක, සමාජ මාධ්‍යයේ දැක්වූ අදහසක් හේතුවෙන් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ චෝදනා එල්ල වී සිටි සමාජ මාධ්‍ය පරිශීලකයෙකු වන රම්සි රසීක්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 21 දින නියෝගකර තිබේ.

ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් එම නඩු කටයුත්ත අවසන් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙසේ සිදුකර තිබේ.

සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2020 අප්‍රේල් මාසයේ දී ය.

එම සිදුවීම පිළිබඳ රම්සි රසීක් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූවේ ය.

szfwe35

"මාව අත්අඩංගුවට ගත් කාලය කියන්නේ ජාතිවාදය උපරිම ස්ථානයක තිබුණු කාලයක්. ජනාධිපතිවරණය අවසන් වූ ගමන් ම ජාතිවාදී සංවිධාන වගේ දේවල්වලින් විශේෂයෙන් ම මුස්ලිම් ප්‍රජාවට ලොකු තර්ජනයක් තිබුණා. මේ කාලයේ දී මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර මේ අය සාමාජ මාධ්‍යවලින් සහ අනෙකුත් මාධ්‍යවලින් අරගෙන ගියා," ඔහු පවසයි.

"2020 මුල කාලෙ දි කොරෝනා ව්‍යාප්තියත් එක්ක මම දැක්කා එක පෝස්ට් එකක්. ඒකෙ තිබුණෙ මුස්ලිම් ප්‍රජාව හිතාමතාව සිංහල ජනතාව අතරේ කොරෝනා පතුරවනවා වගේ අසත්‍ය අදහසක්. මම ඒක මූලික කරගෙන මුස්ලිම් ජනතාව මේවාට විරුද්ධව චින්තනමය අරගලයක් කරන්න ඕනෑ කියලා මගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබුවා," රම්සි ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ අදහස් දැක්වීම පිළිබඳ පැහැදිලි කළේ ය.

"ඒ අදහස් දැක්වීමේ දී, මේ දේවල්වලට විරුද්ධව මුස්ලිම් ජනතාව 'චින්තනමය අරගලයක්', එහෙමත් නැතිනම් 'Ideological Jihad' එකක් කළ යුතු බව මම ලියුවා. ඒකට ඇවිත් තිබුණ ප්‍රතිචාර ගොඩක් නරක ඒවා. ගොඩක් අය වරදවා වටහාගෙන හිටියේ මම මුස්ලිම් ජනතාවට යුද්ධයකට හරි ගැටුමකට හරි පොළඹවනවා කියලා," ඔහු විස්තර කරයි.

"ඒ 'ජිහාඩ්' කියන වචනය මූලික කරගෙන මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නවා. එහි දී මට ඒ නිලධාරීන් දෙන්නෙක් පහර දුන්නා. පසුව ICCPR පනතින් චෝදනා එල්ල වුණු නිසා මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා."

කොරෝනා නීති රීති හේතුවෙන් ඔහුට ඔහුගේ නීතීඥවරයා හෝ පවුලේ අය මුණ ගැසීමට නොහැකි වූ නිසා පහරදීමේ සිදුවීම එම අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවූ බව ඔහු පැවසුවේ ය.

එමෙන් ම ඔහුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දී ශාරීරික හිංසනයන් සිදු නොවූ නමුත් යම් යම් මානසික හිංසනයන්වලට මුහුණපෑමට සිදු වූ බව බීබීසී සිංහල වෙත ඔහු විස්තර කළේ ය.

මාස පහක් පමණ රිමාන්ඩ් බන්ධානාගරයේ සිටි ඔහු පසුව ඇප මත නිදහස් විය.

"මට තිබුණු රෝගී තත්ත්වයන්වලට හරියට අවශ්‍ය ප්‍රතිකාර ගන්න බන්ධනාගරය තුළ දී බැරිවුණා. ඒවගේ ම බන්ධනාගාරයේ දී සිදුවුණ අනතුරක් නිසා මගේ අතක අස්ථි බිඳීමක් වුණා. ඒකටවත් මට හරියට ප්‍රතිකාර ගන්න බැරිවුණා. ඒ නිසා තවමත් මගේ අතේ ආබාධයක් තියෙනවා," ඔහු පවසයි.

සැප්තැම්බර් 21 දින ඔහු එම නඩුවෙන් නිදහස් කිරීම භාෂණයේ නිදහස සම්බන්ධ තීන්දුවක් බව ඔහු පවසයි.

"මේ බොරු චෝදනාව නිසා මම වගේ ම මගේ පවුලත් ලොකු අපහසුතාවයක සිටියා. පවුලේ අයට යම් කරදරයක් වෙයි කියලා ඔවුන් බයෙන් හිටියා. මගේ දරුවන් තවම පාසල් යන අය. ඔවුන්ගේ අධ්‍යාපනයටත් මේක විශාල වශයෙන් බලපෑවා. අවුරුදු තුනක් තිස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නඩුව ඇදගෙන ආවත් මට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඔවුන්ට බැරිවුණා."

රම්සි රාසික් පවසන්නේ ඔහු ඉදිරියටත් මෙවැනි අසත්‍ය සහ වැරදි ප්‍රචාරයන්ට විරුද්ධව හඬ නගන බවයි.

"මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් මේ අසත්‍ය ජාතිවාදී ප්‍රකාශයන්ට විරුද්ධව හඬ නැගුවා. ඒක මම අඛණ්ඩව කරගෙන යනවා. ආයෙමත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තවත් පනතක් ගේන්න යනවා. ඒ වගේ වෙලාවක තමයි මට මේ වගේ තීන්දුවක් ලැබුණේ."

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...