චීනයට අයත් ෂි යෑන් 6 - පර්යේෂණ නෞකාවට ලබන මාසයේ මෙරටට පැමිණිමට අවසර දී නැතැයි,

 විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණේ, විදෙස් පුවත් සේවයක් සමග ඊයේ අමාත්‍යවරයා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමිනි.

ආරක්ෂාව පිළිබඳ ඉන්දියාවේ සැලකිලිමත්භාවය , ශ්‍රී ලංකාවට ද වැදගත් කරුණක් බව විදේශ අමාත්‍ය අලි සබ්රි මෙහිදී අවධාරණය කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාව ඇතුළු මිතුරන්ගේ එකඟත්වයෙන් සකස් කළ සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූල නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන මෙම ෂී යෑන් සික්ස් නෞකාව පසුගිය 20 වැනිදා ඉන්දීය සාගර කලාපයට ඇතුළු විය.

චීන මාධ්‍ය වාර්තා කළේ, මෙම පර්යේෂණ නෞකාවට නාවික සැතපුම් 12,000 කට වඩා වැඩි පරාසයක් මුහුදු කාපයක පර්යේෂ සිදු කිරීමේ හැකියාව ඇති බවයි.

නෞකාවෙන් ඉන්දීය සාගරයේ බහුවිධ නිරීක්ෂණ සිදුකරන බව ගවේෂණයේ ප්‍රධාන විද්‍යාඥ වැන්ග් වෙයිකිං චීන මාධ්‍ය වෙත පවසා තිබිණ.

නාවික හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ, ෂියෑන් සික්ස් නෞකාව ඔක්තෝබර් 25 වැනිදා ශ්‍රී ලංකා මුහුද වෙත පැමිණෙන බවයි. 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්