පාමංකඩ ශ්‍රී මහා විහාරය සහ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරය

යන උභය විහාරාධිපති, ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ අසූවෙනි ජන්ම දිනය නිමිතිකොටගෙන පවත්වනු ලබන සත් දින දානමය පුණ්‍ය කර්මයේ දෙවන දිනය, එනම් අද (28) දින මහා සංඝරත්නය විෂයෙහි පවත්වන ලද විශේෂ දානමය පිංකම, එම විහාරස්ථානයේ ප්‍රධාන දායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා එම මැතිණිය විසින් සිදුකරනු ලැබිය.

උන්වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව විහාරස්ථානයේ ඉදිකරන ලද නව දාන ශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (27) සිදුකෙරිණි.

එම අවස්ථාවේ දී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් අතිපූජ්‍ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ වසර තිහක් පුරා පැවති යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව දිවයින පුරා බෞද්ධ වෙහෙර විහාර ඇතුළු අනෙකුත් ආගමික ස්ථාන දහස් ගණනක් ගෝඨාභය රාජපක්ෂ ගේ අනුදැනුම යටතේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය ශ්‍රමය කැප කළ දහස් සංඛ්‍යාත රණවිරුවන් මෙම අවස්ථාවේ දී සිහිපත් කරන බවයි.

එසේම ශ්‍රී මහා විහාරයේ විහාරාධිකාරී, රාජකීය පණ්ඩිත පූජ්‍ය වල්පොළ පියරතන නාහිමියන්ගේ අධීක්ෂණයෙන්, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරස්ථානයේ සහ පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ ආධාර ඇතිව මෙම නව දාන ශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල ඉදි කිරීමට දායකත්වය දුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් හා විදුලි ඉංජිනේරු අංශවල සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදුකරනු ලැබුණි.

මෙම අවස්ථාවට අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නායක මාහිමිපාණන් වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමොපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප නාහිමිපාණන් වහන්සේ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ, රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේ, අභයගිරි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

එසේම වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු අමාත්‍ය පී. දයාරත්න ඇතුළු ගිහි සැඳැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම දානමය පුණ්‍යකර්මය සිදුකෙරිණ.

{gallery}gotabaya temple{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්