ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පිටතින් ගෙනවිත් පදිංචි කළ සිංහල ගොවීන්

විසින් අත්පත්කරගෙන සිටින දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් වහා නිදහස් කරන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ කිරි ගොවියන් දියත් කොට ඇති අඛණ්ඩ විරෝධතවට දැනට සති දෙකකි.

විරෝධතාවයේ නිරත කිරි ගොවි සමිතියේ නායකයා චෝදනා කරන්නේ ඉඩම් ඇල්ලීම පිටුපස දේශපාලන පසුබිමක්ද පවතින අතර වාර්ගික ගැටුම් අවුලුවා නොසන්සුන්තාවයක් ඇති කිරීම ඉඩම් අල්ලන සිංහල ජනයාගේ අරමුණ බවයි.

"ඉඩම් අල්ලන වැඩේ තමයි කරන්නේ. අපිව කොහොමහරි පන්නන එක තමයි ඒ ගොල්ලන්ගේ අරමුණ. අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙහාට ඇවිත් මේ විදිහට හැසිරෙනවා. ඔවුන්ට සියලු සම්පත් එහේ තියනවා. ඒවා අත ඇරලා මෙහාට ඇවිත් මේ විදිහට හැසිරෙනවා. වාර්ගික ගැටුම් ඇති කරලා නොසන්සුන්තාවයක් ඇති කිරීම තමයි එයාලගේ අරමුණ. එකට දේශපාලන පසුබිමකුත් තියනවා."



මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී සැප්තැම්බර් 15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් විරෝධතාවය ආරම්භ කර තිබුනේ කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී  පැවසීමෙන් පසුවයි.



විරෝධතාවයේ නිරත කිරි ගොවියන් පෙන්වා දෙන්නේ සිය ගවයන් තණකොළ කෑම සදහා භාවිත කළ ඉඩම් අක්කර දෙදාස් පන්සීයක් පමණ භුමි භාගයක් සිංහල ගොවීන් විසින් හේන් කටයුතු වෙනුවෙන් මේ වන අත්පත්කරගෙන තිබීම නිසා කිරි ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත්  සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.



කිරි ගොවීන් පෙන්වා දෙන්නේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් අක්කර 6000 ක භුමියෙන් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින්නේ සරුසාරෙට තෘණ වැවෙන අක්කර 2500 ක ප්‍රදේශයක් බවයි.



zsdaewසීනිතම්බි නිමලන්


මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් අවධාරණය කරන්නේ තමන් මුහුණ දි සිටින ගැටළුව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද විසදුමක් නොලැබුන බවයි.

"කිරි ගොවීන් 992 ක් ඉන්නවා. ඔවුන්ගෙන් යැපෙන පවුල් 3000 ක් ඉන්නවා. එයාලගේ ආර්ථිකය මේක පදනම් වෙලා තමයි තියෙන්නේ. එයාලා දිනකට කිරි ලීටර් 3000 ක් ලබා දෙනවා. කිරි ගවයන්ට බොන්න වතුර නෑ. ඒකට විසදුමක් අපි රජයෙන් ඉල්ලා සිටියා. සංවර්ධන කමිටු රැස්වීම් ඇතුළු සියළු රැස්වීම් වල දී අපේ ගැටළු ඉදිරිපත් කරනවා. අපි විසදුමක් දෙනවා කියලා කියනවා. ඒ උනාට මුකුත් උනේ නෑ."

ජනාධිපති නියෝජනය කරන පළාත් ආණ්ඩුකාරවරයාට කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම් ලබා දීමට නොහැක්කේ මන්දැයි සීනිතම්බි නිමලන් තව දුරටත් ප්‍රශ්න කර සිටි.

"ඇයි පළාත් ආණ්ඩුකාරවරයාට බැරි අපිට විසදුමක් දෙන්න? මම මේකට ඇගිලි ගහන්නේ නෑ කියලා දිස්ත්‍රික් ලේකම් කියනවා. අපි දවස් 13 ක් පාරේ. අපිව ගනන් ගන්නේ නෑ."

කිරි ගවයන්ට දෛනික ආහාර සොයා ගැනීමේ අපහසුතාවය නිසා පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම කිරි ගවයන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගිය බව පළාත් බද මාධ්‍යවේදීන් විසින් වාර්තා කර තිබුනි.

ගව පාලනයේ යෙදෙන පාරම්පරික ගොවීන් විසින් ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ ගවයන්ට ආහාර සඳහා භාවිත කළ මයිලත්තමඩු තෘණ භූමි නීතිවිරෝධී ලෙස ආක්‍රමණය කිරීමට හේන් ගොවියන්ට ඉඩ ලබා දුන් බවට  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාජපුත්තිරන් රාසමාණික්කම් මීට ඉහත දී රජයට චෝදනා කර තිබුනි.

cxbxfgr

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්