ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති සංවිධානයක් යලි ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවාදැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය නැගෙනහිර පළාතේ දෙමළ සමාජ

ක්‍රියාකාරිකයකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් 21 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9 ට ත්‍රිකුණාමලය CTID ප්‍රාදේශීය කාර්යාලයේ පෙනී සිටින ලෙසට පෝල්රාජ් රාජ්කුමාර්ට දන්වා තිබුනේ එම කැඳවීමට නිශ්චිත හේතුවක් නොදන්වමිනි.

ctid
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට (CTID) ප්‍රකාශ ලබා දීමෙන් පසු සිය මුහුණු පොතේ පෝල්රාජ් රාජ්කුමාර් සදහන් කර ඇත්තේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කරන බවටත් එහිදී තමන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබු බවයි.

"දීර්ඝ කාලයක් මාව ප්‍රශ්න කරා. ප්‍රධාන චෝදනාව උනේ මම තහනම් කරපු සංවිධානයකට සහාය දක්වලා දිගින් දිගටම කතා කරමින් ඒ සංවිධානය යළි ගොඩගැනීමට උත්සාහ කරනවා කියලා. දිගින් දිගටම රජයට විරුද්ධව කතා කරන බවත්, ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කිරීමට කට්ටිය එකතු කරන බවටත් එයාලා මට චෝදනා කළා. මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ රජයේ ප්‍රධාන ආරක්ෂක අංශයක් කියලත් එයාලා කිව්වා."

 

තමන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති රාජ්කුමාර් සිය මුහුණු පොතේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල කර තිබෙන චෝදනා එකක් හෝ ඔප්පු කළ හැකිදැයි පෙරලා තමන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ බවයි.



" මම ඔවුන්ගේ බොහෝ චෝදනා ප්‍රතික්ෂේප කරලා මම එයාලගෙන් ඉල්ලීමක් කරා මේ චෝදනා වලින් එකක්හරි ඔප්පු කරන්න පුළුවන්ද කියලා. එයාලා කිව්වේ ආරක්ෂක අමාත්‍යාංශයට මේ ගැන ෆයිල් යවලා මේ ගැන දැනුවත් කරනවා කියලා."

නැගෙනහිර පළාතේ සිදුවන දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම් වලට එරෙහිව පෝල්රාජ් රාජ්කුමාර් පසුගිය සමයේ හඩ නැගු අයකු  බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්