leader s

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස්

කොස්තාපල්වරයා අද ( 6) අලුයම මියගිය බව රෝහල් පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් මනෝජ් ප්‍රියංකර(19498) මහතාය.

මාරක අනතුර සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන 28 හැවිරිදි තරුණයකු කුරුඳුවත්ත පොලිසිය විසින් එම අනතුර සිදුවූ අවස්ථාවේ එම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයා පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකුගේ පුතකු බව පොලිස් ආරංචි මාර්ග කියයි. සැකකරුගේ මවද වෛද්‍යවරියක බව පැවසේ.


සබැඳි පුවත:
දොස්තර ‍යුවලගේ පුතාගේ සැප රියට යටවුන කොස්තාපල්ට බරපතළයි

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්