යු ටියුබ් නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයකු සම්බන්ධයෙන්

සිදු කළ ප්‍රකාශයකින් පසු නැගෙනහිර පළාතේ සිවිල් සමාජ ක්‍රියාධරයකු රජයට සම්බන්ධ බවට සැකකෙරෙන කල්ලියක මරණිය තර්ජනයකට මුහුණ පා සිටී.

මඩකලපුව මාධ්‍ය සමාජයේ දී ඔක්තෝබර් 3 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් විමලසේනා ලවකුමාර් කිලිපොලායන සුළු ආකාරයෙන් විස්තර කළේ ඔක්තෝබර් 2 වැනිදා රාත්‍රි 11.33 ට මඩකලපුව කිරාන් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට යතුරුපැදිවලින් පැමිණි හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තමන්ට මරණීය තර්ජන සිදු කළ බවයි.

"තීව්චෙනෙයි කියන්නේ හංගලා තියන දෙයක්. ඒක ගැන කතා කරන්න හරි ඒක හාරන්න හරි ඔහෙට ඕනේ නෑ. ඒක කරපු එක වැරදියි. අපි අද ආවේ ඔහෙව අස් කරලා දාන්න. හැබැයි ඉස්සෙල්ලාම අපි ඔහෙට අනතුරු අඟවනවා. ඔහෙලා වගේ උන් හින්දා තමයි අපේ ආයුද වල දුවිලි පිහදාලා ආපහු ගන්න වෙලා තියෙන්නේ. ආයේ සැරයක් මේ වගේ වැඩ කළොත් එහෙම, අනිවාර්යයෙන්ම මාව මරනවා, කියලා තර්ජනය කළා."


යු ටියුබ් නාලිකාවට කියු කතාව

සැප්තැම්බර් 19 වැනි දින ලංකා ශ්‍රී යු ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් විමලසේනා ලවකුමාර් සදහන් කර ඇත්තේ මේ වන විට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් සකස් කරගෙන රජය හා සම්බන්ධ වී පුද්ගලයන් පැහැරගැනීම් සිදු කළ බවයි.

පැහැරගෙන ගිය පුද්ගලයන් රඳවා ගැනීම සදහා තීවුච්චේනෙයි හි කඳවුරක් පැවැති අතර එහි රැගෙන ගිය කිසිවකුත් පණ පිටින් ආපසු පැමිණ නැත බව ලවකුමාර් එහිදී වැඩි දුරටත්  සදහන් කර තිබේ.

විමලසේනා ලවකුමාර් සදහන් කරන පරිදි නිල් ඩෙනිම් කලිසම්, ටීෂර්ට් සහ කලු පැහැති ඇදුම් ඇඟ ලා සිටි ඔවුන් හය දෙනාගෙන් හතර දෙනෙක් මඩකලපුවේ භාවිත කරන දෙමළ ශෛලියෙන් කතා කර ඇති අතර අනෙක් දෙදෙනා සිංහල භාෂාවෙන් කතා කර තිබේ.

ඔවුන් අත T56 හා AK47 ස්වයංක්‍රීය ගිනි අවි  තිබු බව දැක ඇති විමලසේනා ලවකුමාර් අවධාරණය කරන්නේ මෙවැනි තර්ජන සිදු කළ හැක්කේ රජයේ බුද්ධි අංශ වලට හෝ රජයට සම්බන්ධ කණ්ඩායම් වලට පමණක් බවයි.



" මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන්නේ අනිවාර්යයෙන්ම රජයේ බුද්ධි අංශ සහ රජයට සම්බන්ධ කණ්ඩායම්. ඒක වෙනත් කිසිවකුට කළ නොහැකි බව මම තරයේම කියන්නට කැමැතියි. පසුගිය කාලයේ සිදු වෙච්ච වර්ග සංහාර, මිනිස් පැහැරගෙනයෑම්, ඇතුළු නීති විරෝධි ක්‍රියාවලට සාධාරණ පරීක්ෂණ පවත්වලා මෙවැනි අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට කැදවා දඩුවම් ලබා නොදීම නිසා ඔවුන් නිදහසේ නැවතත් අවි ආයුද සංස්කෘතිය සහ මිනිසුන් පැහැරගෙන යෑම් වල යෙදී සිටිනවා."



මාධ්‍ය හමුවේදී ඔහු වැඩි දුරටත් සදහන් කළේ සිය ජීවිතයට යම්කිසි  අනතුරක් සිදු වූවහොත්  ඊට වගකිව යුත්තේ හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ සහ රජයට සම්බන්ධ කණ්ඩායම් බවයි.

පොලිසිය හෝ මානව හිමිකම් කොමිසම හෝ මේ කම්පා සහගත බියවැද්දීම සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත.

දෙමළ පුනරුත්ථාපන සංවිධාන (TRO) කාර්ය මණ්ඩලයේ හත් දෙනකු 2006 දී පැහැරගෙන ගොස් වධදී ඝාතනය කොට ඇත්තේ රජයේ සන්නද්ධ හමුදා සමග එක්ව සිටි කරුණා නමින් ප්‍රකට විනයාගමුර්ති මුරලිදරන් විසින් පාලනය කරන ලද පොළොන්නරුව-මඩකලපුව දිස්ත්‍රික් මායිමේ පිහිටි තීවුච්චේනෙයි කඳවුරේදී බව විශ්වසනීය ලෙස ලේඛනගතවී තිබේ.

එම පැහැරගැනීම මෙහෙයවන ලද්දේ පිල්ලෙයාන් විසින් බවද වාර්තාවල දැක්වේ.

jkhklsafd

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්