ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයට වසර 75 ක් පිරීම නිමිත්තෙන්

වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේ පසුගියදා සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති  මහින්ද සමරසිංහ ප්‍රමුඛ තානාපති කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබු එම උත්සවයයේ ප්‍රධන ආරාධිතයා ලෙස විදේශ ඇමති අලි සබ්‍රි සහභාගී ව සිටියේය.

ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව, US Aid, ලෝක බැංකුව , IMF ඇතුළු ඇමෙරිකානු රජයේ හා සෙසු ආයතන වල ඉහළම ප්‍රබලයන් හා සෙනෙට් හා කොංග්‍රස් සභිකයන් මෙන්ම තානාපතිවරු හා ලාංකිකයන් ඇතුළු ප්‍රභූන් 400 ක් පමණ මෙම උත්සවයට එක්ව සිටියහ.

මෙම උත්සවය සදහා රුපියලක් හෝ ශ්‍රී ලංකා රජයෙන් ලබා නොගැනීමට තානාපති මහින්ද සමරසිංහ ක්‍රියා කිරීම ද විශේෂත්වයක් බව තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු අප වෙත පැවසිය.


''අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි'' - තානාපති මහින්ද සමරසිංහ


msamaraතානාපති මහින්ද සමරසිංහ 


උත්සවය ඇරඹුණේ ශ්‍රී ලංකා හා ඇමෙරිකානු ජාතික ගී ගායනා කිරිමෙනි. පිළිගැනීමේ කතාව කල තානාපති මහින්ද සමරසිංහ දෙරටේ මිත්‍රත්වයේ ඉතිහාසගතය  සිද්ධීන් කිහිපයක් ගෙනහැර දැක්විය.

'' ඇමෙරිකාවේ ඹිල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරඹුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කලා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඹුවා. ලංකාව සුනාමියට බිලිවී පැය 48 ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කලා. ඇමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කලා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි" තානාපති මහින්ද සමරසිංහ කීවේය.

අනතුරුව US Aid වෙනුවෙන් ක්ලින්ටන් වයිට් සභාව අමතමින්, කරමින් 1956 සිට US Aid ලංකවට කල උදව් මෙන්ම ඉදිරියටත් උපරිම සහාය දෙන බව කීය.  

දකුණු හා මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ, දෙරටේ තරුණ පරපුර එක්ව ගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවයි.

සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මෙසේ පැවසිය.  "ජනපති රනිල් මැතිතුමා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඹුවා.  ඇමෙරිකානු වානිජ මණ්ඩලය හා කතා කොට ලංකාවට උදව් කරන හා ආයෝජන ගෙනයන වැඩ පිළිවෙළ හදනවා. තානාපකි මහින්ද ගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි." ඔහු කීවේය.

විදේශ ඇමති අලි සබ්‍රි උත්සව සභාව අමතමින් මෙසේ පැවසිය.

 
 
''ඇමෙරිකාව ලංකාවට සමීපම රටක්' -විදේශ ඇමති අලි සබ්‍රි

13121විදේශ ඇමති අලි සබ්‍රි


 " ආර්ථිකය සහජීවනය හා සෙසු ක්‍ෂේත්‍ර වලට ඇමෙරිකාව ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහාය අගය කරන අතර ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තරවූණා. අපේ විදේශ සේවයත් ශක්තිමත් වූණා"  ඇමතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිංහල දෙමළ හා මුස්ලිම් ආහාර පාන වලින් ආරාධිතයින්ට සංග්‍රහ කල අතර සියලු සංස්කෘතීන්ට අයත් කලා සංගීත නැටුම් බෙර වාදන  වලින් ද සැදෑව වර්ණවත් විය. ජයනාත වරකගොඩ, අචිලා පෙරේරා චතුරි, සෙරන්ඩිබ් නර්තන කණ්ඩායම හා අංජලිකා එම ඉදිරිපත් කිරීම් සිදුකලහ.

පිටු 54 කින් යුතු වර්ණවත් සමරු පොතක් හා ශ්‍රී ලංකාවේ තේ පාර්සලයක් ද සියලු ආරාධිතයන්ට බෙදා දුන්හ.

 {gallery}21545654{/gallery}

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්