තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව දිවයිනේ සුප්‍රකට ව්‍යාපාර සමාගම්

අධිපතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා 'දේශය' පුවත්පතට පවසා ඇත.

 එහෙත් එලෙස ජනපතිවරණ සටනට පිවිසෙන්නේ සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් ඔහු කියා සිටියි.

ඉදිරි ජනපතිවරණය සඳහා ධම්මික පෙරේරා ඉදිරිපත්වන බවට පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් 'දේශය' කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලිකර ඇති ධම්මික පෙරේරා, තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බව ද සඳහන් කර ඇත.



ඔහු ජනපතිවරණ සටනට පිවිසෙන්නේ කවර පක්ෂයකින්දැයි කළ විමසුමකට පිළිතුරු දී ඇති ඔහු පවසන්නේ, තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවයි.



ඔහු විසින් ආරම්භ කරන ලද ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපන වැඩසටහන් මාලාව දියත් කළේ මෙම දේශපාලන ව්‍යාපෘතියේ පියවරක් ලෙසදැයි 'දේශය' ප්‍රශ්න කළවිට ඔහු සඳහන් කර ඇත්තේ,  මෙරට තරුණ ප්‍රජාව දැනුමින් සන්නද්ධ කොට ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකරදීමේ අරමුණින් ඩී.පී. එඩියුකේෂන් ඇරඹූ වගය. ඩී.පී. එඩියුකේෂන් පාසල් අධ්‍යාපන වැඩසටහන යටතේ ලංකාවේ පවුල් ලක්ෂ 55න් පවුල් ලක්ෂ 11ක දරුවන් ලක්ෂ 15ක් පමණ දැනට අධ්‍යාපනය හදාරති. මෙම වැඩසටහනේම දිගුවක් වන ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් තුළින් තවත් වසර දෙකකින් මෙම සංඛ්‍යාව ලක්ෂ 16 ½ දක්වා ඉහළ නංවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ තමා, පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ එම සමාගම්වල දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූ බවද සඳහන් කරයි. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්