ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද සැලකේ.

රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද ඔහු සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.

"පනාපත්‍ර කුහුඹුපැණියා" හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්