2022 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට රේගු දෙපාර්තමේන්තුවට අය වීමට තිබූ සමස්ත හිඟ බදු ආදායම රුපියල් බිලියන 61ක් (61,254,145,583) බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

එම බදු ආදායමෙන් 63% ක් මුදල් අමාත්‍යංශයේ අය විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

විගණකාධිපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වර්ෂයට අදාල වාර්ෂික කාර්ය සාධන වාර්තාව සමඟ ඇති විගනන වාර්තා වේ ය.

එම හිඟ බදු ආදායමෙන් 38%ක් හෙවත් රුපියල් බිලියන 23ක් ආනයන හිඟ බදු වන බවත්, ඉන් බිලියන 22 ක ප්‍රමාණයක් 2019 වර්ෂයට පෙර  සිට පැවත එන හිඟ බදු බවත් සඳහන් කරයි.

එම සමස්ත හිඟ බදු ආදායමෙන් 26% ක් නියෝජනය කරන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු වලින් බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් 2019 වර්ෂයට පෙර සිට පැවත එන හිඟ බදු ආදායම් බවත් , එම වර්ෂය අවසන් වන තෙක්  එම ආදායම් අය කර ගැනීමට කටයුතු කර නැති බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම එම හිඟ බදු ආදායමෙන් 17%ක් වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු බවත්, එයිනුත් බහුතරයක් 2019 වර්ෂයට පෙර පැවැති හිඟ බදු ආදායම් බවයි.

ආනයන සෙස් බදු හිඟ බදු ආදායමෙන් 10% ක් වන බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

 ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් බෙදා හැරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගෙන ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු වුවද එසේ නොකර 1999 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වර්ෂ විසිතුනක් තුළ ත්‍යාග ලෙස නිලධාරීන්ට රුපියල් බිලියන විස්සක් ද, ඔත්තුකරුවන්ට රුපියල් බිලියන තුනක්ද ගෙවා ඇති බව සඳහන් කරයි.

2022 වර්ෂයේ රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප්, වේතන, අතිකාල, නිවාඩු දින වැටුප් හා දිරිදීමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලින් හා  රේගු සංනිවේදන අරමුදලෙන් රුපියල් බිලියන තුනක මුදලක් ගෙවා ඇතත්, එම වියදම් සම්බන්ධයෙන් තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොමැත.

තවද රේගුවේ අංශ 4ක පැමිණීමේ හා පිටවීමේ ලේඛන, අතිකාල ලේඛන හා නිවාඩු ලේඛන පරීක්ෂාවේදී සති අන්තයන් හා රජයේ නිවාඩු දිනයන් ද ඇතුළුව නිවාඩු නොගෙන සෑම දිනකම සේවකයන් සේවයට වාර්තා කර තිබූ බවද, එම සේවකයින් දිනකට පැය 24ක් දක්වා අතිකාල ලබාගෙන ඇති බවද, පැමිණීම හා පිටවීම පිළිබඳ නිසි සනාථ කිරීමකින් තොරව එම ගෙවීම් කර ඇති බවද විගණකාධිපතිවරයා සඳහන් කරයි.


(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පත)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්