ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

රටේ පවතින ආර්ථික තත්ත්වය මත දිනෙන් දින වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවයක් පවතී. ඒ අතරින් විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් විදේශ ගතවීම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයට එය විශාල ගැටලුවක් බවට පත්වන්නේ ඉදිරියේ දී මෙරට තුළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ හිඟය විසඳාගත නොහැකි ප්‍රශ්නයක් විය හැකි බවට මේ වන විට සමාජයේ මතයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළයි. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්