ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එම්.ඩබ්ලිව්. ජගත් කුමාර,

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා ලෙස අද (10) රාජකාරි ආරම්භ කළේය.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය පිලිබඳව උපාධිධාරියෙකු ද වේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන එම්.ඩබ්ලියු. ජගත් කුමාර, මීට පෙර ජනාධිපති  කාර්‍යාලය, අග්‍රාමාත්‍ය කාර්‍යාලය, නිවාස අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක සේවය කර තිබේ.

ඔහු මෙම තනතුරට පත්වීමට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කළේය.

ඔහු වැඩබාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි , රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මධුර විතානගේ සහ තිස්ස කුට්ටිආරච්චි ඇතුලු මැති ඇමතිවරු මෙන්ම ඉහල රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

00021

0002

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්