රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව

ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන්ම තමාගේද අදහස බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ (NITC – 2023) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.


ඩිජිටල් මාර්ග සිතියම ජනපතිට
ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා – 2030 ඩිජිටල් ආර්ථිකයක්’ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම සම්න්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනට සිටින දෙස් විදෙස් විද්වතුන් සහ ප්‍රවීණයන්ගේ ඊට සහභාගී වී සිටී.

ශ්‍රී ලංකාව 2030 වන විට පූර්ණ වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අදාළව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් විසින් ක්ෂේත්‍ර 6ක් ආවරණය වන පරිදි සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාර්ග සිතියම සහ ප්‍රතිපත්ති රාමුව (Digital Roadmap and the policy Framework)” තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  විසින් මෙහිදි ජනාධිපති වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මෙරට කෘෂිකර්මාන්තය නවිකරණය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව, කෘෂිකර්මාන්තය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද දාකත්වය ඇතිව සම්පාදනය කරන ලද “වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (Iintergrated Digital Agriculture Transformation)” වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

dfgs

පාසල්, විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, ව්‍යාපාරික සහ මහාචාර්ය අධ්‍යයන යන මට්ටම්වලින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කරන ලද පර්යේෂණාත්මක සොයාගැනිම් වෙනුවෙන් ඇගයීම් සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය

'' අප මානව සංවර්ධනයේ සියලුම ක්ෂේත්‍ර ආවරණය කර තිබෙනවා. දෙවනුව, අපට අවශ්‍ය මානව ප්‍රාග්ධනය සපයාගන්නේ කෙසේද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබෙනවා.

අද ඔබ විසින් වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. අප ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර මේ ගැන කියවා ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මානව ප්‍රාග්ධනය වගේම අපට තිබෙන අනෙක් ගැටළුව වන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමයි.

අප ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගන්නේ කෙසේද? එසේම අපට මෙය සිදු කර ගැනීමට තිබෙන්නේ වර්තමානයේ පවතින ආර්ථික ආර්බුදය හමුවේ රජයට පවතින සම්පත් සීමා වී ඇති පසුබිමකයි.



මගේ මෙන්ම රජයේ ද අදහස වන්නේ පුද්ගලික අංශය, පුද්ගලික ආයෝජන මගින් මූලික ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගත යුතු බවයි. පෞද්ගලික අංශයට ළගාවිය නොහැකි අවස්ථාවන්වලදී රජය ඊට මැදිහත් විය යුතුයි.


එබැවින් ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අපගේ සම්පූර්ණ ප්‍රතිපත්තිය මෙම පදනම මත ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතියි. එයින් අදහස් වන්නේ ප්‍රධාන නගර සහ බස්නාහිර පළාත කෙරෙහි, විශේෂයෙන්ම ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක වෙත අපගේ අවධානය යොමු කළ යුතු බවයි.ඉන්පසු ජනාකීර්ණ ප්‍රදේශ අනෙකුත් නගර සහ ප්‍රදේශ වෙත අප ගමන් කළ යුතු වෙනවා. එම කාලය වන විට, නිසැකවම ඩිජිටල් පහසුකම් සැපයුම්කරුවන් දිගු ආයෝජන සඳහා වඩාත් හැකියාවක් සහිතව සිටිනු ඇති බව මම විශ්වාස කරනවා.

එමෙන්ම ආයෝජනය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් සම්පත් රජයට තිබෙනවා. ඒ නිසා අප එම ඩිජිටල් යටිතල පහසුකම් ලබාදිය යුතුයි. ඒ වගේම අපට පළමු අදියරේදී පුද්ගලික ආයෝජන මත යැපීමට සිදු වෙනවා. ඒ අනුව ජනගහනයෙන් 40% ත් 50 ත් අතර ප්‍රමාණයකට එම යටිතල පහසුකම් ලැබෙනවා. එම තත්ත්වය හමුවේ අපට 60% දක්වා ඉහළ යාමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. නමුත් එතනින් එහාට අපට ක්‍රමානුකූලව වැඩ කිරීමට සිදු වෙනවා. ඒ නිසා මෙය අප සලකා බලන ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් බව කිවයුතුයි.

දෙවැන්න වන්නේ මූල්‍ය අංශයේ ප්‍රාග්ධනය ලබා ගැනීමේ හැකියාවයි. ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව සහතික කිරීම සඳහා අප බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිදු කරගෙන යන්නේ ඒ නිසයි. එම මුදල් තිබෙනවා වගේම අපට මෙම අංශයට මුදල් යොමු කිරීමට ද අවශ්‍ය වෙනවා.


ඒ නිසා අපට අද තිබෙනවාට වඩා වෙනස් මූල්‍ය අංශයක් අවශ්‍යයි. අනෙක කාරණය තමයි ඩිජිටල් ඇතුළත් කිරීම්. ධනවතුන් සහ දුප්පතුන් අතර ඩිජිටල් වශයෙන් බෙදීමක් තිබිය නොහැකියි. අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද?


ඉතින් මේ කරුණු තුන තමයි ඩිජිටල්කරණයට අයත් වන්නේ. රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට සෑම කෙනෙකුටම ප්‍රවේශ වීමට ඉඩ තිබිය යුතුයි. මේවා අප වහාම විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්න වෙනවා.

නීති පද්ධති, සයිබර් ආරක්ෂාව වැනි තවත් ඒවා තිබෙනවා. එයින් ඇතැම් ඒවා රජයට වගේම, ඇතැම් ඒවා පුද්ගලික අංශයට කළ හැකියි. නමුත් ඩිජිටල් යටිතල පහසුකම්, ප්‍රාග්ධන මූල්‍යකරණය සහ අවසාන වශයෙන් ඩිජිටල් වශයෙන් පවතින බෙදීම යන වැදගත් අංශ තුනක් තිබෙනවා. ඔබ විසින් සිදු කරන ඩිජිටල් මුලපිරීම කෙරෙහි රජයට මුලින්ම අවධානය යොමු කිරීමට සිදුවනු ඇත්තේ ඒ නිසයි.

මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මම මෙම විෂය පිළිබඳ බොහෝ කාලයක් කතා කර තිබෙනවා. මෙම අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳ මම ඔබට ස්තූතිවන්ත වෙමින් මේ සාකච්ඡා සඳහා සුබ පතනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සභාව අමතමින් මෙසේ පැවසිය.

dsfsr

වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකර්මාන්ත පරිවර්තන වැඩසටහන සඳහා නායකත්වය ලබා දෙන්නේ ගරු ජනාධිපතිතුමායි. ඒ සඳහා ජනාධිපතිතුමා දැනටමත් මාර්ග සිතියම සකස් කර ඇති අතර මහාචාර්යවරයෙකුගේ නායකත්වයෙන් යුත් කමිටුවක් ද පත් කර තිබෙනවා. නවීකරණ වැඩසටහන විමධ්‍යගත පදනමක් මත සිදු කෙරෙනවා.

එහි කේන්ද්‍රස්ථානය වන ගොවිජන සේවා මධ්‍යස්ථාන මේ සදහා භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී පෞද්ගලික අංශය, විද්‍යාඥයන්, රාජ්‍ය නිලධාරින් සහ ගොවිපළවල් එකට එකතු කරනු ලබනවා. ගොවීන්ට අවශ්‍ය උපදෙස්, උපකරණ මෙන්ම පුහුණුව ලබා දීම ඒ හරහා සිදු කෙරෙනවා.

මේ අනුව දැනට ලැබෙන ඵලදාව දෙගුණ කර ගැනීම අපේ අරමුණයි. උදාහරණයක් ලෙස අපගේ වී අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.5ක් වන අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සැලැස්ම එය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7 දක්වා ඉහළ නැංවීමයි.

වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකර්මාන්ත පරිවර්තන වැඩසටහන මගින් කෘෂිකර්මාන්තය, ඉඩම්, වාරිමාර්ග, වැවිලි හා ධීවර යන ක්ෂේත්‍රවල තීරණ ගන්නන්ට සහාය වීම සඳහා කෘෂිකර්මයට අදාළ දත්ත මාරු කිරීම සඳහා ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. කෘෂි ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට මෙම වැඩසටහන සහාය වනවා. මේ වන විටත් කෘෂිකර්ම, වාරිමාර්ග, සංචාරක සහ ඉඩම්, ධීවර, වැවිලි, රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශ තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව මෙම කටයුතු සිදු කරමින් පවතිනවා.


මෙම උපාය මාර්ගය සඳහා ශක්තිමත් දත්ත, තීරණ කළමනාකරණ පද්ධතියක් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම ඇතුළත් වන අතර එයට කෘත්‍රිම බුද්ධිය (AI) සහ GPRS තාක්ෂණය පදනම් වූ තීරණ ගැනීම් ද ඇතුළත් වෙනවා. තාක්‍ෂණික ව්‍යාප්තිය සහතික කිරීම සඳහා පූර්ව විසඳුම් සහ ඊට අදාළවන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කෘෂි දත්ත තාක්‍ෂණ නියමුවන් හඳුන්වා දීම ද එයට ඇතුළත් බව කිවයුතුයි. එසේම රජයේ දෙපාර්තමේන්තු වල ධාරිතා වර්ධනයත් මේ හා සමගාමීව සිදු කෙරෙනවා.

 

දැන් මේ සඳහා අවශ්‍ය උපාය මාර්ගික සිතියම අප විසින් සකස් කර තිබෙනවා. මෙම දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන පාලන පුවරුව නිර්මාණය කිරීමේ ක්‍රියාවලියෙහි අප නිරතවී සිටිනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙසේ පැවසිය.

xgsg

2023 මාර්තු මාසයේදී, ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් සමඟින් අපි DIGIECON 2030 ආරම්භ කළා. අප මේ වන විට එයින් 70% කට වඩා ආවරණය කර තිබෙනවා. ඒවායින් කිහිපයක් වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කර ඇති නමුත් බොහෝ හේතු නිසා ක්‍රියාත්මක වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 2030 මාර්ග සිතියම සහ රාමුව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර මහජන මතය සඳහා විවෘත කර තිබෙනවා.

ඊළඟ පියවර වනුයේ එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමයි. අප අද මෙම උපායමාර්ගික සැලැස්මේ වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වන බව සතුටින් දැනුම් දෙනවා.



අපගේ ඩිජිටල් මාර්ග සිතියම සහ කර්මාන්තය සමඟ සහයෝගයෙන් සහ ලෝක බැංකුවේ සහාය ඇතිව සංවර්ධනය කෙරෙන ප්‍රතිපත්ති රාමුව ප්‍රධාන වශයෙන් කුළුණු හයක් මත ගොඩනගා තිබෙනවා.


ජනාධිපතිතුමා පසුගියදා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර මණ්ඩපය විවෘත කළා. එහිදී එම ආයනයේ සිසුන් ඔවුන්ගේ නවෝත්පාදන ව්‍යාපෘති කිහිපයක් ප්‍රදර්ශනය කර තිබුණා. ඒවා ඇත්තෙන්ම පුදුම සහගතයි. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති, යාන්ත්‍රික අධ්‍යාපනයට සහ එම දත්ත කෘෂිකාර්මික අංශයේ භාවිතා කිරීමට ඔවුන් තුළ තිබූ නවෝත්පාදනය ඇත්තෙන්ම පුදුම සහගතයි.

එබැවින් මෙම තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව තුළ බොහෝ දක්ෂතා ඇති පුද්ගලයින් සිටින බව නිසැකයෙන්ම කිව හැකියි. එය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම මෙන්ම අපගේ සේවාවන් අපනයනය කිරීමත් ඉතා වැදගත් වෙනවා.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එම්.ඩී. ගුණවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරින්, විදේශ තානාපතිවරු සහ මහකොමසාරිස්වරු, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

zdfsfr

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්