ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම්

අමුණුගම පැවසීය.

ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව කියා සිටියේ, ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටින බවද ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවද කී රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළේය.

 
''ඇමරිකානු ඩොලර් බිලියන 15ක් මේ සඳහා වෙන් කරල '' 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

'' මේ වන විට වරාය නගරය ආශ්‍රිත ඉදිකිරීම්වල ප්‍රගතියක් පෙනෙන්නට තිබෙනවා. වරාය නගරය තාවකාලිකව මහජනතාවටත් විවෘත කිරීමට පසුගිය සමයේ අප කටයුතු කළා.

තෙවැනි පාර්ශ්වීය ගිවිසුමක් යටතේ මෙම වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව කිවයුතුයි. ඇමරිකානු ඩොලර් බිලියන 15ක් මේ සඳහා වෙන් කර තිබෙන අතර චයිනා හාබර් සමාගමෙන් සිදුකරන ඉදිකිරීම්වලින් 80%ක වැඩ කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.


 වරාය නගරය තුළ ව්‍යපාරයක් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව මේ වන විට සකස් කර අවසන්. මෙහෙයුම් රෙගුලාසි කිහිපයක් සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙන බව ද සඳහන් කළ යුතුයි. මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක පමණ ආයෝජන ලැබී තිබෙන නමුත් නීතිමය රාමුව සකස් කරන තුරු ඔවුන්ට බලා සිටීමට සිදු වුණා. ඒ අනුව ඉදිරියේ දී මෙම ආයෝජන ආරම්භ කිරීමට සැලසුම කර තිබෙනවා.
සම්පූර්ණ ව්‍යාපාර කටයුතු සඳහා අළෙවි කළ හැකි බිම් කොටස් ගණන 74ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වනවා. එමෙන්ම පොදු කටයුතු සඳහා භාවිතා කරන බිම් කැබලි 44 ක් මෙහි තිබෙනවා. ඒ අනුව සම්පුර්ණ ඉඩම් කොටස් 118ක ආයෝජන මෙහි තිබෙනවා.

              

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්