පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී

නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

පනත් සහ රෙගුලාසි සකස් කිරීමේදී නිලධාරීන් අතින් වැරදි සිදුවීම වැඩිවෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව පනත් සකස් කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට රජය සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස්දී ඇත.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේද කිසියම් අඩුපාඩුවක් පවතින හෙයින් එම පනතට සංශෝධනයක් ගෙන එනතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම තාවකාලිකව නතරවී ඇත.

සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතත් පත් කිරීම් කරනුයේ එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීමේදී එම සංශෝධනය ගෙන ඒමට නියමිතය.

 
දූෂණ විරෝධී පනතේ දෝෂ මකන්න විපක්ෂ සහාය 

පසුගියදා සම්මත කරන ලද නව දූෂණ විරෝධී පනතේ පවත්නා පරිවර්තන දෝෂ ඉවත් කොට සංශෝධනය කරන්නේ නම් ඒ සඳහා විපක්ෂය ඍජුවම සහාය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දුන්නේය.

ගිය සතියේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ද කැඳවා තිබිණි. ඒ නව දූෂණ විරෝධී පනතේ පවත්නා දෝෂ සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. 

මේ අවස්ථාවේ කතානායකවරයා ව්‍යවස්ථා සභාව වෙත වත්මන් අල්ලස් දූෂණ කොමිසම විසින් යොමුකරන ලද විශේෂ ලිපියක් ඉදිරිපත් කරනු ලැබීය. එමගින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනතේ පවත්නා මූලික දෝෂ පිළිබඳව කරුණු දක්වා තිබිණි.

අනතුරුව අමාත්‍ය රාජපක්ෂ පනතේ දෝෂ ඉවත් කරන බවට සහතික විය. ඒ සමඟ නව අල්ලස් දූෂණ කොමිසමක් පත්කිරීමට අයැදුම්පත් කැඳවීමට තීන්දු කෙරිණි. එලෙස අයැදුම්පත් කැඳවුවද නව කොමිසම සඳහා සාමාජිකයන් පත් කරන්නේ පනත සංශෝධනය කිරීමෙන් පසුව බවටද තීන්දුවක් ගනු ලැබීය.

( මුලාශ්‍රය -lankadeepa.lk)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්