පෞද්ගලික ආයතනයක් තුළ තරුණ කාන්තාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් එකතුවී කුරිරු ලෙස තවත් කාන්තාවකට එලෙස පහර දෙන ආකාරය එම වීඩියෝවේ දැක්වේ. 

ඉතාමත් අමානුෂික ආකාරයෙන් කාන්තාවකට පහරදෙන මෙම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කඳාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවට ආයතනයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝ පටයේ සටහන්ව ඇත. 

එම පහරදීමේදී තරුණිය බිම ඇද වැටෙන අතර, ඉන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන ආකාරය එම වීඩියෝවේ පැහැදිලිව ප්‍රදර්ශනය විය. 

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය අනාවරණ වීමත් සමග පොලිසිය වහාම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබිණ. 

එම වීඩියෝව පහතින්,


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්