වයස අවුරුදු හැටට වැඩි රජයේ නිලධාරීන්ට සේවා දිගු ලබානොදීමට රජය ගෙන ඇති

ප්‍රතිපත්තිමය තීරණය අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ට යළි සේවා දිගුවක් ලබාදීම අනුමත කල නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේදී අද දහවල් 1.00ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර අගමැති දිනේශ ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ සිවිල් නියෝජිතයින් සහභාගිවී ඇත. කෙසේවුවද අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමට ජනාධිපතිවරයාගේ නියෝජිත නිමල් සිරිපාල ද සිල්වා සහභාගිවී නොතිබිණ. ඒ, ඔහු ඉන්දියාවේ සංචාරයක නිරත සිටීම හේතුවෙනි.

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්නට දෙවැනි වරට ලබා දී තිබු මාස 3ක කාලය ඔක්තෝම්බර් 09 දා අවසන් වූ අතර යළි ඔහුට ඔක්තෝම්බර් 13 සිට ක්‍රියාත්මක වන පරිදි සති 3 ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මාස 3 ක සේවා දිගුවක් ලබා දුන්නේය.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.

මේවනවිට ජනාධිපතිවරයා මෙන්ම විෂය බාර අමාත්‍ය ටිරාන් අලස් ද විදේශගත සිටින අතර ඔවුන් දෙදෙනා යලි පැමිණි පසු පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පොලිස්පති ධුරය අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනෙකුම අද පස්වරුවේ සියලු කටයුතු පසෙකලා, මහනුවර , කතරගම වැනි ආගමික ස්ථානයන්හි පුද පුජා වලට සහභාගී වෙමින් සිටින බව වාර්තාවේ. 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්