අභියාචනාධිකරණය විසින් නිදහස් කළ විත්තිකරුවකු දින 03ක් නීතිවිරෝධී ලෙස

බන්ධනාගාරයේ රඳවා ගැනීම තුළින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ දැයි පිළිබඳ සොයාබැලීම සඳහා විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කර තිබේ.

2022 වසරේ අභියාචනාධිකරණ නියෝගයක් මත නිදහස් කෙරුණු හෝමාගම ප්‍රදේශයේ පදිංචි අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා සහ නීතිපතිවරයා යන වග උත්තරකරුවන් වෙත අදාළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ගොනු කරන ලෙස දන්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නොතීසි ද නිකුත් කර ඇත.

ඒ අනුව පෙත්සම් විභාගය මැයි මස 27 වනදා කැඳවීමට ද අධිකරණය විසින් දින නියම කර ඇත.

(adaderana.lk)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්