කුරුණෑගල සිට කුඹුක්ගැටේ දක්වා ධාවනය වන බස් රථයක ගමන් ගස් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ

තරුණයකු සහ ඊට අනුබල දුන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා මෙන්ම බස් රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

පාසල නිමවී නිවෙස බලා යෑමට අදාළ බස් රථයට මෙම සිසුවිය නැග ඇති අතර, ඇය බැසිය යුතු ස්ථානයේ බස් රථය නොනවත්වා තවත් කිලෝමීටරයක පමණ දුරක් ඇයව සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඒ වන විට බස් රථයේ සිට ඇත්තේ සිසුවිය සහ සැකකරුවන් තිදෙනා පමණි.

එහිදී බස් රථය අතර මඟ නවත්වා, රියැදුරා සහ කොන්දොස්තරවරයා විසින් බස් රථයේ දොර වසා, වීදුරු ආවරණද දමා තරුණයාට දැරිය අපයෝජනය කිරීමට ඉඩ සලසා දී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

පසුව සැකකරුවන් ඇයට නිවෙස වෙත යෑමට ඉඩ සලසා ඇති අති අතර, ඇය පාසලේ ගුරුවරියකට මෙම සිදුවීම හෙළිකිරීමෙන් අනතුරුව පොලිසිය වෙත එය වාර්තා වීමත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.



අපයෝජනයට ලක්වූ දැරියගේ අනන්‍යතාවය හෙළිකිරීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට චෝදනා



මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙලිකිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී වින්දිත දැරියගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ ක්‍රියාකාරීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත චෝදනා එල්ලකර තිබේ.

ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක මෙන්ම, 'Urban Citizens' සංවිධානයේ සභාපතිනිය වන   ශර්මිලා ගෝනවෙල, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් වින්දිත දැරියගේ අනන්‍යතාවය හෙළිවන ආකාරයෙන් කරුණු ගෙනහැර දැක්වීම තුලින් 'අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත' උල්ලංඝනය කර ඇතැයි පැවසුවාය.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙලක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවා ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ පෞද්ගලික බස්රථ කිහිපයක්ම හිමිකරුවකු වන සැකකාර තරුණයාගේ පියා, ආණ්ඩුකාරවරයකු හරහා පොලිසියට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වී ඇතැයිද ශර්මිලා ගෝනවෙල පැවසුවාය.

මෙසේ මගී ප්‍රවාහන බසයක් තුලදී දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ. එවැනි එක සටහනක මෙසේ සඳහන් වේ.



මේක සමූහ දුෂණයක්.... 

Bus.2023.10.18
ඉන්දියාවේ මෙහෙම දෙයක් වෙලා ඒ කෙල්ල මැරුණා.  ඒක ගැන උද්ඝෝෂණ කරලා මුළු ඉන්දියාවේම මිනිස්සු එකතු උනා. ඊට පස්සේ ඒක කරපු උන්ට මරණ දඬුවම දුන්නා. අන්තිමේ ඒ සිද්ධියෙන් ෆිල්ම් පවා හැදුනා.

මේ ඊයේ ලංකාවෙත් එහෙම දෙයක් වෙලා තියෙනවා. මාධ්‍ය සයිලන්ට්. මිනිස්සු සයිලන්ට්. රජය සයිලන්ට්. මේ නිවුස් එක පවා ගියේ Short News එකක් විදියට.

සමහර මිනිස්සු මෙහෙම දෙයක් වෙලා කියලා දන්නෙත් නෑ. ඒ පාසල් ශිෂ්‍යාව පාරේ බස් එකේ ගෙදර යද්දී මිනිස්සු ඔක්කොම බැහැලා ගියාට පස්සේ තනි උන වෙලාවේ තමයි රියදුරු, කොන්දොස්තර සහ තව කෙනෙක් එකතු වෙලා මේ ගෑනු ලමයව බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කරලා තියෙන්නේ.

මේකට බරපතල ලිංගික අපයෝජනයක් කියලා මාධ්‍යයෙන් කිවුවට මේක සමූහ දුෂණයක්. ඒ දුෂණයේ බරපතලකම කොච්චරද කියනවා නම්,

ඒ ළමයා දැන් ඉන්නේ හොස්පිටල් එකේ.

ඔයාගේ අම්මවත්, ඔයාගේ වයිෆ්වත්, ඔයාගේ පෙම්වතියවත්, ඔයාගේ නංගිවත්, ඔයාගේ දුවවත් මේ නිවුස් එකෙන් පස්සේ මහමගදී Safe නෑ. හරි නම් මේක දවසේ මාතෘකාවක් වෙන්න ඕන.

රටම කතා කරන මාතෘකාවක් වෙන්න ඕන.

ඒත් මේ වෙලාවේ වැදගත් වර්ල්ඩ් කප් එකයි, පලස්තීන ඊශ්‍රායල් සටන් ගැන විතරයි. ''

393730804 865066334984854 7068383851141384620 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image