රටේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කිරීමට

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වෛද්‍යවරුන් වන සියලු මන්ත්‍රීවරු අද (18) තීරණය කළහ.

ඒ අනුව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (18) පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම සාකච්ඡා කර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විදේශ ගත වීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු සම්බන්ධවයි.

විශේෂඥ වෛද්‍යවරුන් 400 දෙනකු සහ වෛද්‍යවරුන් 2000 ක පිරිසක් පසුගිය කාලයේ දී විදේශගතව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිහු මෙහි දී පෙන්වා දුන්හ.

වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මෙම සාකච්ඡාවට වෛද්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජිත සේනාරත්න, තිස්ස විතාරණ, සීතා අරඹේපොල, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්දන, කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුද රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නියෝජිත පිරිසක්ද සහභාගීවූහ.

පැයකට ආසන්න කාලයක් වන සාකච්ඡාව පැවැත්වුණු බව පැවසේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටලු සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු තවත් ක්ෂේත්‍රවල පිරිස් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්