තමන්ට පාර්ලිමේන්තු සභාගර්බයෙන් පිටතදී මන්ත්‍රීවරයෙකු පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

එම සිද්ධියත් සමග අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු 10ක කාලයකට කල්තැබු අතර කතානායකවරයාගේ නිල කාමරයේ ඒ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇත.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති අතර චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ.ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකිර් මාකාර් යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ. කෙසේවුවද මෙම කමිටුවට කාන්තා නියෝජනයක් නොමැතිවීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය විරෝධය පළකර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ මෙම ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි  කලබලකාරි තත්වයක් ඇතිවිය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් එහිදී ගමගේ මන්ත්‍රීවරිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආරංචිවලට අනුව සජබ මන්ත්‍රීවරයෙක් ඩයනා මන්ත්‍රීවරියගේ බෙල්ලෙන් අල්ලා පහරදීමට තැත්කර ඇති අතර දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වහා මැදිහත්ව දෙපිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.


සංස්කරණය නොකළ දර්ශන පහතින්


PHOTO 2023 10 20 17 01 23


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්