අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම් ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන බදාදා (25) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතබව පවුලේ ඥාතීහු

පවසති.

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් පසුගිය 20 දා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවා ය.

ඇයගේ දේහය ඊයේ (22) සහ අද (23) දෙදින බොරැල්ල, ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට කටයුතු යොදා ඇත.  

අනතුරුව අඟහරුවාදා (24) සහ බදාදා (25) දෙදින ඇය සිය නර්තන කටයුතු පවත්වාගෙන ගිය, කොලොන්නාව නගර සභාව ඉදිරිපිට ඇති  ''චාමර කලා නිකේතනයේ හි දේහය තැන්පත් කරනු ලබන බව ඥාතීහු වැඩිදුරටත් පවසති.

බදාදා දිනයේ එම ස්ථානයේ සිදුකරනු ලබන ආගමික කටයුතු වලින් අනතුරුව ආදාහන කටයුතු සඳහා දේහය බොරැල්ල කනත්තට රැගෙන ඒමට නියමිතය. 

339331234 1340368996528124 2491728716243928314 n
ප්‍රවීණ නර්තන ආචාර්යවරිය වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිණි සෙල්වනායගම් 71 වන වියේදී දිවි සැරිය නිම කළාය. 

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මීට වසර හයහමාරක පමණ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග සටන් කරමින් සිටියා 

ඇය දේශීයව පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද සුපතළ ‘නර්තන රැජිණිය’ ලෙස විරුදාවලිය ලද්දියයි. 

චන්න - උපුලී ඇතුළු මෙරට පසුකාලීන නර්තන පරම්පරාවන්ගේද මුල් ගුරුවරිය ඇය යි. 

රැජිණි සෙල්වනායගම් ‘කලා කීර්ති’ සහ ‘විශ්ව කලා කීර්ති’ යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටි අතර දහස් ගණනක් නර්තන ශිල්පීන් බිහිකළා සේම මෙරට නර්තන සංස්කෘතිය ලෝකය හමුවේ බබලවන්නට මුල්වූ තැනැත්තියකි.

නැටුම් ගුරුවරියක ලෙස ඇයට මුල්ම පත්වීම ලැබී තිබුනේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය.

නර්තන කලාව තුළින් සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් කුඩා පන්ති කාමරයක් ලෙස 1975 දී ආරම්භ කරන ලද ‘චාමර‘ කලායතනයේදී ඇය බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත සරු කිරීමට පටන් ගත්තාය.

 එතැන් පටන් ඇය වරප්‍රසාද නොලත් සිසුන් ඇතුළු විවිධ පසුබිම්වලට අයත් සිසුන් රැසකට උපකාරක ගාස්තුවක්වත් අය නොකර ඉගැන්වූවාය. 

ඇය ශ්‍රී ලංකාවේ බොහෝ නර්තන තරඟ සඳහා විනිසුරුවරියක් ලෙස සහභාගී වී ඇති අතර බොහෝ තරුණ දක්ෂ සිසුන් සඳහා ඇයගේ කාලය සහ මග පෙන්වීම ලබා දී ඇත.

2016 දී පෙනහළු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමු වූ ඇය මියයනතුරු කලාකටයුතු අත් නොහැරියා ය. 

sil 08 19 rajini 1

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්