ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බූදයකට තල්ලු වී තිබුණ ද, ගජමිතුරු දේශපාලනය, ඩීල් දේශපාලනය එක අංශුමාත්‍රයකින් වත් අඩු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැතිබව දවසින්

දවස තහවුරු වෙමින් පවතින බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

'' සාමාන්‍යයෙන් ලෝක ශූරයන් තමන්ගේ වාර්තාව තමන්ම අළුත් කරනවා. ඒ නිසාදෝ ජනාධිපතිතුමා විසින්ම මහ බැංකු වංචාවටත් වඩා දැවැන්ත වංචාවකට පාර කපන ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා '' යයි ඔහු කියා සිටියේ, පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල එම මාධ්‍ය හමුවේදී වාහන ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් තවදුරටත් මෙසේද පැවසිය.

'' සාමාන්‍යයෙන් ලංකාවට විදුලි වාහනයක් ගෙන එන විට 100%ත් 200%ත් අතර බදු මුදලක් අය කරනවා.  නමුත් ජනාධිපතිතුමා විසින් මුදල් ඇමති විධියට 2023.09.08 දිනැති ඇමති මණ්ඩල පත්‍රිකාවක් යෝජනාවක් ගෙන එනවා ලංකාවේ එකලස් කරන විදුලි සහ දෙමුහුන් වාහන සඳහා ගෙනෙන කොටස් සඳහා කිසිම බදු මුදලක් අය නොකිරීමට.  ඒක හොඳ යෝජනාවක්.  කාටවත් විරුද්ධ වෙන්න බෑ.  

 

නමුත් ගැටළුව තිබෙන්නේ semi knock down නැතිනම් අර්ධ ලෙස සවි කළ වාහන සඳහා මේ අවසරය ලබා දීමයි.  ඒ කියන්නේ විදුලි වාහනයක සුක්කානමයි රෝද හතරයි ගලවලා ලංකාවට ගෙනාවොත් එක රුපියලක් බදු නොගෙවා රට තුලට වාහන ගෙන ඒමට අවස්ථාව ලැබෙනවා.  මොකද රට තුල එකතු කළ යුතු අවම අගයක් ගැන කිසිම කොන්දේසියක් මේ ඇමති මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වෙන්නේ නෑ.  දැනටමත් ආයෝජන මණ්ඩලය සමග වාහන එකලස් කිරීමේ ගිවිසුම් තිබෙන අයට මේ වාසිය ලබා දෙන බව ඇමති මණ්ඩල පත්‍රිකාවේ කියනවා.  කාටද මේ වාසිය ලබා දෙන්න හදන්නේ?

 

ජනාධිපතිවරයා  ආයෝජන ඇමති විධියට 2023 අගෝස්තු මාසයේ තව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒකෙන් යෝජනා කරන්නේ 2015 දී ලංකාවට ෆොක්ස්වැගන් කම්හලක් ගේනවා කියූ කුප්‍රකට සෙනොක් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි සමාගමට වාසියක් ලබා දෙන්න. ඒ ඇමති මණ්ඩල පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ දැනට කොටස් කර ගෙනෙන වාහන සඳහා 30%ක් තීරු බදු ගෙවීමට ඒ සමාගම සහ ආයෝජන මණ්ඩලය අතර අත්සන් කළ ගිවිසුම අවලංගු කරලා තීරු බදු රහිතව මේ කොටස් ගෙන්නන්න. ඒ අනුව අලුත් ගිවිසුමක් ආයෝජන මණ්ඩලය සමග අත්සන් තැබීමටද යෝජනා කර තිබෙනවා. 

 

''මේ යෝජනාව හරහා එක පැත්තකින් රුපියල් බිලියන ගණනක දැවැන්ත රාජ්‍ය ආදායමක් රටට අහිමි වෙනවා. ''

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු ඉටු කරන්න කියලා වෘත්තියවේදින්ට බදු පිට බදු ගහලා අද වෛද්‍යවරු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු රට හැරලා ගිහින් අද රෝහල් සහ විශ්ව විද්‍යාල පවත්වා ගෙන යන්න බැරි තත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ වන විට වෘත්තීය වේදීන්ගෙන් 2023 වර්ෂයට අපේක්ෂිත බදු ආදායම ඉක්මවා බදු ආදායමක් එකතු කරන්න සමත්වෙලා තියෙනවා සැප්තැම්බර් මාසය වන විට. නමුත් මේ වාහන අනයනය කරන ගජ මිතුරු සමාගම්වලට සහන ලබාදීලා ඒ ආදායමත් එකතු කිරීමේ පීඩනය වෘත්තීය වේදීන් මත පටවන්නයි ආණ්ඩුව උත්සහ දරන්නේ.   

ජාත්‍යන්තර කීර්තියට පත් බටහිර සන්නාමයක් අරන් එනවා නම් මේ වාසිය ලබාදෙනවා කියලා කියනවා. බටහිර රටවලින් ගේන ඒවට විතරයි මේ වාසිය ලබා දේන්නේ. අපි ආසියානු රටක්. අපි බ්‍රික්ස් වලට එකතු විය යුතු රටක්. ජපන් වාහන ඉන්දියානු වාහන වෙනුවට බටහිර වාහනවලට ඒකාධිකාරියක් ඇතිකරලා අනවශ්‍ය දේශපාලන ප්‍රශ්ණයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණයක්ද තියෙනවා. 

 

ඒ වගේම මේ සමාගමට ලංකාවේ විදුලි වාහන සහ දෙමුහුන් වාහන පිළිබඳ ඒකාධිකාරියක් අසාධාරණ විධියට ගොඩ නැගෙනවා. ශ්‍රී ලංකාව මෙතරම් ආර්ථික අර්බූදයකට තල්ළු වෙලා තිබුණත් ගජමිතුරු දේශපාලනය, ඩීල් දේශපාලනය එක අංශුමාත්‍රයකින් වත් අඩු කිරීමට ආණ්ඩුව සූදානම් නෑ කියන එකයි මින් පෙනී යන්නේ.'' 

IMG 0720IMG 0721IMG 0722IMG 0723

IMG 0725IMG 0726IMG 0727IMG 0728IMG 0729IMG 0730
''ආණ්ඩුව වැරදියි. විපක්ෂය හරි'' - ජනපති පිළිගනී

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම ධූරයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යධූරයකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම මගින්, එදා විපක්ෂය විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම නිවැරදි බවත්, ආණ්ඩුව ඊට එරෙහි වෙමින් රඹුක්වැල්ල ගේ සෞඛ්‍ය අමාත්‍යධූරය  රැකගැනීමට ක්‍රියා කිරීම වරදක් බවත් ජනාධිපති වරයා විසින් තීරණය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල තවදුරටත් කියා සිටියේය.

phu 2398

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිස්සංක, මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න ද එක්ව සිටියේය. 

ප්‍රශ්ණ සහ පිලිතුරු

ප්‍රශ්ණය
මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි බිල වැඩි කරනවාට එරෙහිව ප්‍රමානවත් මැදිහත් වීමක් වුනේ නෑ නේද?

ගම්මන්පිල :
''මහජන උපයෝගිතා කොමිසම මේ පිළිබදව මහජන අදහස් විමසීමේ දී විදුලි බල විෂයේ ප්‍රවීනයන් , විවිධ සංවිධාන ඉතාමත් තාර්කික විද්‍යාත්මක  කරුණු දැක්වීමක් කලා විදුලි බිල වැඩි කිරීමේ අසාධාරණ ක්‍රමවේදය ගැන.  ඒ නිසා කොමිසම කරුණු විමසීමක් කියලා රගපෑමක් වෙනුවට සැබැවින්ම මහජන අදහස් විමසුවා නම් මේ විදුලි බිල වැඩි කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල යුතුව තිබුණා. අසාධාරණ විදුලි බිල් වැඩි කිරීම් වලට එරෙහිව හිටපු සභාපති ජනක රත්නායක මහතා සටන් කලා. ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය පාවිචිකරලා ඒ සභාපති ඉවත් කරලා මහජන උපයෝගිතා කොමිසමට  දුන්නා පණිවිඩයක්. නුඹලා විදුලි ක්ෂ්‍රේත්‍රය නියාමනයට නමට හිටියට  නුඹලා කල යුත්තේ අපි එවන දේ අනුමත කිරීම පමණයි කියන එකයි ඒ පණිවිඩය. ඒ නිසා මොන මහජන මත විමසුවත් සිය තණතුරු රැකගැනීමේ අභිලාෂයෙන් තමයි මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන්නේ. ජනක රත්නායක මහත්තයට අත්වෙච්ච ඉරණම තමන්ට අත්වෙනවට දැන් ඉන්න අය කැමති නෑ. ''

ප්‍රශ්නය :
කෙහෙළිය ඇමතිතුමා සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කරලා පරිසර අමාත්‍ය ධූරය දීලා. මොකද ඔබතුමාට හිතෙන්නේ.


ගම්මන්පිල :
'' කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය ගෙනාවා. අප එයට පක්ෂව ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය ඊට එරෙහිව ඡන්දය දීලා ඇමතිවරයා රකින්න කටයුතු කලා. නමුත් ජනාධීපතිවරයා මේ කැබිනට් සංශෝධණය හරහා තීරණය කරලා තියෙනවා විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව හැසිරුණු හැටි වැරදියි විපක්ෂය හැසිරුණු හැටි හරියි. මේ අමාත්‍යවරයාට තව දුරටත් මේ අමාත්‍යංශ්‍ය කරගෙන යන්න බෑ කියලා.''


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්