ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු සබඳතාවයක් ඇති කර ප්‍රවාහන සේවයක් ඇති කිරීමට

අවශ්‍ය වැඩ කටයුතු මේවනවිටත් සිදු කරමින් පවතින බව ජනාධිපති වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම, ඉන්දියාවේ විදුලි බල පද්ධතිය හා මෙරට විදුලි බල පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා එකතු කිරීමටද බලාපොපොරොත්තු වන බව ජනාධිපතිවරයා කියා සිටියි.

ජනාධිපතිවරයා එබව සඳහන් කළේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ ඊයේ (22) පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මෙසේද පැවසීය.


'' මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.


මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.'' 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්