පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත් කරන ලද්දේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මීළඟ ඉලක්කය වන “හරිත ආර්ථිකයක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී රඹුක්වැල්ල ට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ අද (24) පෙරවරුවේ වැඩ බාර ගැනීමෙන් පසු මහින්ද අමරවීර පැවසූයේ, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත ඒකාබද්ධ කිරීම කාලෝචිත ක්‍රියාවක් බවයි.

ඉදිරි මාස දෙක ඇතුලත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ‍එකම ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමටත් නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



කෙහෙළිය සතුටින්

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර පරිසර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ වැඩ භාර ගත් කෙහෙළිය රඹුක්වැල්ල පැවසුයේ, අමාත්‍යංශයක සිට වෙනත් අමාත්‍යංශයක වැඩ භාර ගැනීම තමාට අලුත් අත්දැකීමක් නොවන බවයි.

කොවිඩ් වසංගතයත් සමඟ ඇති වී තිබූ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් භාර ගනිමින් තමන් ඉටු කළ කාර්යයභාර්ය සම්බන්ධයෙන් සතුටු වන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්