සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධූරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කර

වෙනත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කර තිබේ.

'දේශය' කළ විමසීමකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එම කරුණ තහවුරු කර ඇත.

වත්මන් සභාපති සරත් ෆොන්සේකා පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැණිව ක්‍රියා කරන බැවින් ඔහු තනතුරින් ඉවත් කොට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන බහුතර පිළිගැනීමට ලක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) මෙම තනතුරට පත්කිරීමට ඉඩ ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

(deshaya.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්