පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමඟ හටගත් ව්‍යාකූල දේශපාලන තත්ත්වය

නිසා ලබන අයවැය විවාදයෙන් පසුව රට හදිසි මහ මැතිවරණයකට තල්ලුවීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'දේශය' (deshaya.lk) පුවත්පත වාර්තා කර තිබේ.

ඉදිරි අයවැය විවාදයේදී තෝරාගත් අමාත්‍යංශ 5 ක වැය ශීර්ෂවල ඡන්දය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තුළ රහසිගත සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පොහොට්ටුවේ ප්‍රබලයකු වන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ අවශ්‍ය වුවහොත් අයවැය පරාජය කිරීමට තම පක්ෂය සූදානම් බවය.

හදිසියේ මෙම තත්ත්වය හටගත්තේ පසුගියදා ජනාධිපතිවරයා විසින් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මෙතෙක් පොදුජන පෙරමුණේ අමාත්‍ය රමේෂ් පතිරණ දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය පදවිය ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර ටත්, වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍ය පදවිය ශ්‍රීලනිපයේම රන්ජිත් සියඹලාපිටිය ටත් පැවරීම හේතුවෙනි.

පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මේ ගැන ප්‍රසිද්ධියේම සිය විරෝධය පළ කළේය.

අනතුරුව පවත්නා තත්ත්වය තුළ පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමට තීන්දු කළහොත් ගනු ලබන පියවර ගැන එ.ජා.ප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, ආණ්ඩුවෙන් ඉවත් වීමක් ගැන පොහොට්ටුව මෙතෙක් නිල වශයෙන් දන්වා නැති බවයි. එසේ දන්වා නොමැති නිසා එම ප්‍රශ්නයට පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.


''පොහොට්ටුව බය කරන අතේ රෝලක්'' ?

අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව ඇති බවට ඇතැම් මාධ්‍ය වල පළ කොට ඇති පුවත සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මලලසේකර මාවතේ නිවසේ පසුගියදා පැවති විශේෂ සාකච්ජාවකදී අවධානය යොමුව තිබේ.

මෙම පුවත පොහොට්ටුව බය කිරීමේ අරමුණින් යුතුව සංවිධානාත්මකව පළ ‌කරන ලද්දක් බව එම සාකච්ජාවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනබවට පුවත් පලවීම ආරම්භවුයේ, අයවැය විවාදයේදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම වැය ශීර්ෂයන් පරාජය කිරීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පක්ෂ නායකත්වය වෙත කරනු ලැබූ යෝජනාවෙන් පසුව බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසට රැස්වූ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්