ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරුණු පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක ට රුපියල් ලක්ෂ පහක පමණ

දීමනාවක් ගෙවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

එම යෝජනාව සැලකිල්ලට ගත් අවස්ථාවේදී එපමණ ලොකු මුදලක් මේ අවස්ථාවේදී ගෙවීම කළ නොහැකි බව කැබිනට් මණ්ඩල සාමාජිකයන් දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.

මේ හේතුවෙන් එම දීමනා මුදල සංශෝධනය කර යෝජනාවක් අලුතින් ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම්දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට සාමාන්‍යයෙන් මෙතෙක් පත් කෙරුණේ දැනට සේවයේ යෙදී සිටින පාර්ලිමේන්තු මහ ලේකම්වරයාය.

නමුත් මේ අවස්ථාවේදී කිසියම් විශේෂයක් කර හිටපු මහ ලේකම්වරයාට එම තනතුර දීමට රජය කටයුතු කළේය.

සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ වර්තමාන මහලේකම්වරියට එම තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව දුන්නේ නම් අමතර දීමනා සහ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවන බව ඇතැම් කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ අදහස වී ඇතැයි පැවසේ.

(lankadeepa.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්