මත්පැන් පානයෙන් පසු රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි

චෝදනාව මත ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න ට ඇප ඉල්ලා අද (30) දිනයේ ඉදිරිපත්කළ මෝසම හෙට (31) දිනයේදී සලකා බැලීමට ගල්කිස්ස අතිරේක ‍මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ තීන්දු කළේය.

ඒ අනුව සැකකරු හෙට දිනයේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අතිරේක ‍මහේස්ත්‍රාත්වරයා, බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

සැකකාර රවී සෙනවිරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ඉන්ද්‍රතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙනී සිටියේය.

පසුගිය 29 වන දින අළුයම 1.20 ට පමණ බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැදවූ කාර් රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ වැගන්ආර් කාර් රථයක සහා නවතා තිබූ බස් රථයක ගට්ටනය කර අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය විසින් සිදු කරන ලද බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිට ඇති බවට තහවුරු වී තිබුණි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්