The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩොලර් මිලියන 2ක රත්තරන් ඩීල් එකක් ! - මන්ත්‍රී හිස්බුල්ලාට වංචාවක් කළ ඝානා ජාතිකයින් අත්අඩංගුවට

T

The Leader Desk

October 28, 2025 • 6:03 AM

ඩොලර් මිලියන 2ක රත්තරන් ඩීල් එකක් ! - මන්ත්‍රී හිස්බුල්ලාට වංචාවක් කළ ඝානා ජාතිකයින් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.
  • රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
  • වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්‍රං ලබාදෙන බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
  • අදාළ මුදල ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් මන්ත්‍රීවරයා සමග පැවැත්වු සියලු සබඳතා නවතා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.

රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

2023 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්‍රං ලබාදෙන බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

අදාළ මුදල ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් මන්ත්‍රීවරයා සමග පැවැත්වු සියලු සබඳතා නවතා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පසුව යලිත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්‍රං කිලෝග්‍රෑම් 50ක් විකිණීමට එම සැකකරුවන් ඉදිරිපත් වී ඇති අතර එම ගනුදෙනුවට නීත්‍යුනුකූල බවක් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇති බව සඳහන් වේ.

ලැබුණු පැමිණිල්ලට අනුව ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම සැකකරුවන් පසුගිය ඔක්තෝබර් 16 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කහ පැහැති රත්‍රං බවට සැකකෙරෙන ලෝහ 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමට අදාළ නඩුව යළිත් නොවැම්බර් 20 වන දින කැදවිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...