The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමරිකානු තීරු බදු 20% ට අඩු කරගන්න ආණ්ඩුව ගැසූ බව කියන 'ඩීල් එක' මෙන්න

T

The Leader Desk

August 3, 2025 • 4:32 PM

ඇමරිකානු තීරු බදු 20% ට අඩු කරගන්න ආණ්ඩුව ගැසූ බව කියන 'ඩීල් එක' මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිශතය සියයට 20 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට පුළුල් පරාසයක සහන ලබා දුන් බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.
  • එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව ආනයනය කරන කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රමාණයක් සඳහා මෙම සහන ලබා දී ඇති බව එම මූලාශ්‍ර අනාවරණය කර ඇත.
  • බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ වියට්නාමය සමඟ ඇති කරගත් ගිවිසුම් වලට සමානව, ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද අපනයන සඳහාවන සියලුම තීරුබදු ඉවත් කිරීමට එක්සත් ජනපදය දිගටම බලපෑම් කර ඇතැයි වාර්තා වේ.
  • ඇමරිකාවේ අරමුණ වන්නේ ආනයන සහ අපනයන වෙළඳ හිඟය අඩු කිරීම බවත් එය එක්සත් ජනපදය වෙත අපනයන අවස්ථා වැඩි කරමින් ලැබෙන වෙළෙඳපල ප්‍රවේශය ශ්‍රී ලංකාවට බෙහෙවින් වාසිදායක අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිශතය සියයට 20 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට පුළුල් පරාසයක සහන ලබා දුන් බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව ආනයනය කරන කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රමාණයක් සඳහා මෙම සහන ලබා දී ඇති බව එම මූලාශ්‍ර අනාවරණය කර ඇත.

බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ වියට්නාමය සමඟ ඇති කරගත් ගිවිසුම් වලට සමානව, ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද අපනයන සඳහාවන සියලුම තීරුබදු ඉවත් කිරීමට එක්සත් ජනපදය දිගටම බලපෑම් කර ඇතැයි වාර්තා වේ.


ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන 1,161 ක් සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42 ක් සඳහා ද එක්සත් ජනපදය සියලුම තීරු බදු ඉවත් කිරීමට යෝජනා කර ඇති නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහන ලබා දෙන්නට යෝජනා කර ඇති කාර්මික අයිතම 1,161 න් කිසිවක් දැනට ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන නිශ්පාදන ලැයිස්තුවට ඇතුළත් නැති බව අනාවරණය වේ.


ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන අපනයනවලින් සියයට හැත්තෑවක් ඇඟලුම් වේ.

ඇමරිකාවේ  අරමුණ වන්නේ ආනයන සහ අපනයන වෙළඳ හිඟය අඩු කිරීම බවත් එය එක්සත් ජනපදය වෙත අපනයන අවස්ථා වැඩි කරමින් ලැබෙන වෙළෙඳපල ප්‍රවේශය ශ්‍රී ලංකාවට බෙහෙවින් වාසිදායක අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ අරමුණ වන්නේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය අඩු කිරීම සඳහා බදු සහන ලබා ගත හැකි අපනයන භාණ්ඩ ලැයිස්තුවට අදාල අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීම බවත්, ප්‍රධාන වශයෙන් කාර්මික භාණ්ඩ,  ඇඟලුම්, පොල් අතුරු නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණත්,  ධීවර ක්ෂේත්‍ර සඳහා විවර වී ඇති අවස්ථාවලන් ප්‍රයෝජන ලබා ගැනීම බවත් එම මූලාශ්‍ර පැහැදිලි කර ඇත.


ජාත්‍යන්තර වෙළෙඳාමේ “වඩාත් ම හිතවාදී රටවල්” (MFN) යන මූලධර්මය යටතේ රටක් සියලු ම වෙළෙඳ හවුල්කරුවන්ගෙන් භාණ්ඩ සඳහා එක ම බද්දක් අය කළ යුතු ය යන සම්මතයක් තිබේ. ශ්‍රි ලංකාවෙන් ඇමරිකාව වෙත සිදුකරන සියලු අපනයන තවමත් MFN සම්මතයට යටත් වනු ඇති බව මූලාශ්‍ර තහවුරු කරයි.


“ එක්සත් ජනපදය විසින් යෝජිත ලයිස්තුවේ ඇති සමහරක් භාණ්ඩ සඳහා MFN සහ සියයට 10 ක අන්‍යෝන්‍ය තීරුබදු එකතු වනු ඇති. එම භාණ්ඩ 1,161 සහ කෘෂිකාර්මික භාණ්ඩ 42 ක ලැයිස්තුවෙන් ආවරණය නොවන ඕනෑම අපනයනයක් MFN සහ සියයට 20 ක අන්‍යෝන්‍ය තීරුබදුවලට යටත් වෙනවා.” මූලාශ්‍ර විසින් පැහැදිලි කර ඇත.

ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයෙන් ආනයනය කරන කාර්මික භාණ්ඩ 2,000 ට පමණ සහ කෘෂිකාර්මික නිෂ්පාදන අඩු ප්‍රමාණයකට සහන ලබා දී ඇත.

ඒ අනුව එක්සත් ජනපද භාණ්ඩවලින් “ඉතා ඉහළ ප්‍රතිශතයක්” දේශසීමා ගාස්තු නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිතය බව වාර්තා වේ.


ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා බොරතෙල් සහ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වටිනා LPG මිලදී ගැනීමට ද මෙම ගිවිසුම් හරහා එකඟ වී තිබේ.


එක්සත් ජනපදය කොංග්‍රසය විසින් අනුමත කරන ලද MFN තීරුබදු සඳහා කිසිදු රටකට නිදහස් කිරීම් ලබා දී නොමැත.

(උපුටා ගැනීම - lankasara)

Lanka grants host of concessions to US in tariff negotiations

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...