ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කර තිබු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ගේ විශේෂ අවධානයක් යොමුව ඇත.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ, සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවීමට අද දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව නීති ගෝලීය අවශ්‍යතාවයක් බව මාර්ක් අන්ඩ්‍රේ මෙම හමුවේදී සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවදුරටත්  අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇති අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන වල අදහස් සහ යෝජනා හුවමාරු කරගැනීම සඳහා සහයෝගය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ එහිදී සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි ආකාර පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අදහස් හුවමාරු කරගනිමින් ශ්‍රී ලංකාවේ අභිලාශයන් ඉටු කරදීමට තමන් බලාපොරොත්තු වන බව මෙම සාකච්ඡාවේදී මාර්ක් අන්ඩ්‍රේ, අමාත්‍ය ටිරාන් අලස් ට පවසා ඇත.

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන 21ක් ස්ථාපිත කර තිබේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image