පිටිදූවේ සිරිධම්ම හිමියන් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන

අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව දැඩි ලෙස අවවාද කළ බව එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේය.

පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ නායක කාරක සංඝ සභාව හමුවට ඊයේ (31) කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් සිදුකරගෙන යන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කළ බව මහා ලේඛකාධිකාරී හිමියන් එහිදී අවධාරණය කළේය.

එහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් ඒ හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව මහා ලේඛාධිකාරි හිමියන් පැවසීය .

(lankadeepa.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්