නීති විරෝධී ව මෙරටට ආනයනය කර කොටස් එකලස් කර සකසා, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලියාපදිංචි කරන ලද පෙජරෝ වර්ගයේ රථයක්

සුපිරි මහල් නිවාස සංකීර්ණයක සඟවා තිබිය දී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය මඟින් සොයාගෙන තිබේ.

රුපියල් කෝටි 1 1/2 අධික වටිනා මෙම සුඛෝපභෝගී ජිප් රථය රුපියල් කෝටියකට අලෙවි කිරීම සදහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ට අයත් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලක නවතා තිබියදි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ (1) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙම වාහන සමග එය විකිණීමට සුදානමින් සිටි වාහන ප්‍රදර්ශනාගාර හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු අනාවරණ කර ඇත්තේ, මෙම රථය මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් ආනයනය කළ එකක් බවයි.

මෙම ජිප් රථය 2008 වසරේ සිට 2022 වසර දක්වා දේශපලනඥයාගේ නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත්, 2022 වසරේ දී එය වෙනත් පුද්ගලයකුගේ නමින් ලියා පදිංචි කර ඇතිබවද පොලිසිය පවසයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image