වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දින රජයේ සියලු

විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ, විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සදහා සහභාගී වන බවයි.

මේ අතර අද (02) සිට පළාත් මට්ටමින් වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ඌව පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය සේවා ස්ථානවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මෙහිදී එම ප්‍රදේශයේ සියලු දෛනික සේවාවන් අඩාල වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අද (02) උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

හදිසි ප්‍රතිකාර සේවාවන්, මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය නිවේදනය කර ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්