ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍ර⁣තිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ

ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.  

මෙම ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව සහ අදාල සමාගම සඳහා රුධිරය ලබා දීම  පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, සෞඛ්‍ය ලේම්වරයාව ප්‍රශ්ණ කර ඇතැයි වාර්තාවේ. 

2022 ඔක්තෝම්බර් 3 වෙනිදා Immunoglobulin 5g/ 100ml සඳහා වන ටෙන්ඩරය වෙනුවෙන් Isolles bio සමාගම ඉදිරිපත් කල අයදුම් පත්‍රය පිලිගත්තේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රශ්නකර ඇතැයි පැවසේ. 

Isolles bio සමාගම විසින් ඉදිරිපත් කල එන්නත NMRA ලියා පදිංචිය නොමැති නිසා අනිවාර්‍යයාන්ම WOR සදහා අයදුම් කර එහි පිටපතක් සමග ටෙන්ඩරයට ඉදිරිපත් විය යුතු වුවද, එය නොමැතිව අයදුම්පත බාරගත් ටෙන්ඩර් කමිටුව ද මේ මහා වංචාවට වගකිවයුතු බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති, රවී කුමුදේශ් පසුගියදා චෝදනා කර තිබිණ. 
PHOTO 2023 11 06 15 40 22PHOTO 2023 11 06 15 40 23 2PHOTO 2023 11 06 15 40 23ටෙන්ඩර් දැන්වීමේ ඇගයීම් නිර්නායක යටතේ අනිවාර්යය අවශ්‍යතාවයක් ලෙස සපුරා තිබිය යුතු අංක 1 යටතේ වන NMRA හි ලියා පදිංචිය අත්හැරීම සදහා ඉල්ලුම් කර එම ඉල්ලුම් පත්‍රයේ පිටපතක් ටෙන්ඩර් පත්‍රිකාව සමග ඉදිරිපත් කල යුතුව ඇතත් එසේ නොමැතිව එම සමාගම තොරා ගැනීම සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්වයක් මතුව ඇත. 

එහිම අංක 2 යටතේ අදාල ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනයක් විය යුතුය. 

එයට හේතුව මෙම මිළදී ගැනීම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අනුව සිදුවන බැවිනි.

නමුත් මෙම ටෙන්ඩරය පිරිනැමූ තැනැත්තා අදාල ඖෂධය ඉන්දියාවෙන් ආනයනය නොකිරීම නිසා සෞඛ්‍යය අමාත්‍යාංශය ජාත්‍යන්තර වශයෙන් බරපතල වැරැද්දක් සිදුකර ඇත.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල්වලට සපයා ඇතැයි කියන Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තාව ලබන නොවැම්බර් 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ නොවැම්බර් 01දා නියෝග කළාය.

සබැඳි පුවත් :
ප්‍රමිතියෙන් තොර එන්නත් රෝහල්වලට සැපයු සමාගමේ ලොක්කා රිමාන්ඩ්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image