මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර

එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල්වලට සපයා ඇතැයි කියන Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තාව ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ අද (01) නියෝග කළාය.

57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අද උදැසන ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර තිබිණ. අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනේ ඉන් අනතුරුවය.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම...

මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ඉන්දීය සමාගමකින් මෙරටට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග මිට ඉහතදී මාධ්‍යවෙත ප්‍රකාශකර තිබිණ.

එහෙත්, අදාළ ඉන්දීය සමාගම සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ සඳහා මෙරට සමාගමක් මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව එහිදී අනාවරණය වුණි.

ඒ අනුව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.


"මගේ සේවා දායකයා සැපයුම්කරුවෙක් විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ලියන්නේ, තීරණ ගන්නේ ඔහු නෙවෙයි. ඒ නිසා මේ සියළු තීරණ වලට ඔහුට තනිව වග කියන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ, ලේකම්වරයාගේ උපදෙස් නැතුව මේ කිසිවක් කරන්න බෑ" අත් අඩංගුවට ගෙන අධිකරණය  ඉදිරිපත් කල සමාගම් හිමිකරුගේ නිතිවේදීයා කියයි.


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති, රවී කුමුදේශ් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, අත් අඩංගුවට ගත් සමාගමේ හිමිකරු අධිකරණයට කියන්න පණිවිඩය තේරුම් ගැනීම අතිශයින්ම වැදගත් බවයි.

'' ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ. අත් අඩංගුවට ගත්ත සමාගමේ හිමිකරු උසාවියට කියන්න හදන ඒ පණිවිඩය තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්..''

''සමාගම් අයිතිකරු මොන ප්‍රමාණයේ සොරෙකු වුවත්, ඔහුගේ එම ප්‍රකාශණයේ සත්‍යතාවය මඟ හැරිය නොහැකිය. සෞඛ්‍ය සේවාවේ බොහෝ දූෂණ, වංචා සහ අක්‍රමික ගණු දෙණු සිදු වන්නේ පවතින තාක්ෂණික ක්‍රමවේදය භාවිත කරමින්‍ ය. එම ක්‍රමවේදයේ පවතින එකී යථා ස්වරූපය සමාන්‍ය අපරාධ පරීක්ෂණයක් මගින් හඳුනා ගැනීමට නොහැකිය. ඒ අනූව සෞඛ්‍ය සේවය නිවැරදි කිරීම සඳහා ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව හොර කමකටත් එහා ගිය පර්යේෂණයක්.. එම පර්යේෂණාත්මක දත්ත හෙලිදරව් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇති වගකීම නිසියාකාරව ඉටු විය යුතුයි..'' රවී කුමුදේශ් අවධාරණය කර සිටියි. 

 
බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවතී

 

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (1) පියවර ගෙන ඇත.

මීට අමතරව මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට ඒවා ආනයනය කළ යුතු බවටද සෞඛ්‍ය අමැතිවරයා නිලධාරීන්ට නියෝගකර ඇත.

සබැඳි පුවත් :
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් රෝහල්වලට සැපයු සමාගම් හිමිකරු අත්අඩංගුවට

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්