leader s

ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර ප්‍රමිතියෙන් තොර 'ඉමුයුනෝග්ලොබියුලින්' ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ

සිද්ධිය සම්බන්ධයෙන් Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම පසුගියදා විදේශ ගමන් තහනමක් පැන වූවාය.

මෙසේ විදේශ ගමන් තහනම් කරන ලද්දේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්  අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ ඖෂධ ගෙන් වූ බව කියන සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති යන තිදෙනාටය.

මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමට  පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පසුගියදා Isolez Biotech Pharma සමාගමේ සිදුව කම්හල වටලා විශේෂ විමර්ශනයක් සිදුකර තිබිණ.

හොර ඉමියුනෝග්ලොබියුලින් රෝගී ශරීර වලට ඇතුලු කිරීම දක්වා සිදුවූ සම්පූර්ණ වංචාව සිදු කර ඇත්තේ, අවම තරමින් හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපතක් පවා නොමැතිව බව හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපත සොයා ගැනීමට නොහැකිවීම මගින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
රවී කුමුදේශ් පවසයි.

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්