ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (09) පැවැත්වේ. 


විපක්ෂය ගෙන එන එම යෝජනාව ආණ්ඩුව විසින් ස්ථිර කිරීමට නියමිත බව වාර්තාවේ. 

ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5යි 30ට පැවැත්වෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසිය. 

අද ගෙන එන ඒකාබද්ධ යෝජනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද මෙසේ අදහස් පළ කළේය. 


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් වහාම ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හදිසියේ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය පැවැත්වීමට තීරණය කරනු ලැබිය. 

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ විපක්ෂය ක්‍රිකට් අර්බුදයෙන් වාසි ලබාගැනීමට සූදානම් වන බවයි.



ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ අද (9) පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පත් කෙරුණු චිත්‍රසිරි කමිටුව විසින් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත ඇතුළත් වාර්තාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත ඊයේ  (08) නිල වශයෙන් බාර දුන්නේය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කෙරුණු "චිත්‍රසිරි කමිටු වාර්තාව" පසුගිය මාසයේ ජනාධිපතිවරයා වෙත බාරදී තිබූ නමුත් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සහ 2024 අයවැය අවසානයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබු බව ජනාධිපති කාර්යාලය කියයි.

නමුත් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාල වාර්තාව ඇමැති අනු කමිටුවට බාරදී ඇත.

සබැඳි පුවත් :
ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට



 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්