මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අවසන් අයවැය බවත් මෙම අයවැයෙන් ආණ්ඩුව පුපුරන්න ඉඩ තිබෙන බවත් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක,

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි. 

ඔහු එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය. 

'' පාර්ලිමේන්තුව විසුරුවා හරින්න'' 

'' ජනතාවගේ ජන වරමක් නොමැති ඉතාමත් සුලු කණ්ඩායමක් විසින් මේ රටේ ජනතාව අමු අමුවේ පිඩාවෙන් මිරිකමින් වතුර බිල්, ලයිටි බිල් වැඩිකරමින් බදු මුදල්, බදු වැඩිකරමින් එ වගෙම ඊරි මංස උරා බිලා මේ රටේ ජනතාවට ජිවත් වන්නට බැරි මට්ටමට පත් කරලා ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව රට කරගෙන යන බවක් තමා පෙන්නේ. අන්න එකයි අපි කියන්නේ ජනතාවගේ ජනමතය උරගා බලන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමුර්තිය නියෝජනය නොවන,මේ ජන බලය නොමැති පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. මේ මොහොතේ මහ මැතිවරණයකට ගියොත් ජනතාවගේ ජනමතය දැන ගන්න පුලුවන්. 

මේ ජනතාව ගැන හැඟීමක් නැති, නහර වැඩකරන්නේ නැති පාර්ලිමේන්තු ජන්දයක්වත් තියාගන්න බැරි කණ්ඩායමක් ජනාධිපති ලේකමි කර්‍යලයේ ඉදලා තිරණ අද ලබා දෙනවා.. අයවැයෙන් වැඩි වැඩිකරනවා කියලා සුරංගනා කතා කියනවා. අයවැය එන්න කලින් කරන්න ඕන හැම දෙම කරලා බදු වැඩිකරලා සෙචිචමක් දෙනවා. රාජය සේවකයාගේ පඩි වැඩිකරන්න යනවාලු, 12,000 මුදල ඇති ද ? අණ්ඩුව මෙ යන ගාන ලස්සනට බඩු මිළෙන් අල්ලනවා..දෙන ගාණට වඩා වැඩි ගාණක් බදු වලින් අල්ල ගන්නවා.. එ නිසා සුරංගනා කතා ඉස්සර කිවුවත් දැන් බෑ... ළමයෙක් ඉස්කොලේ යවන්න යන වියදම භාණ්ඩ මිළදි ගන්න යන වියදම බලනකොට මේ වගේ සුරංගනා වැඩ වලින් උත්තර නෑ.. 

හෑම දෙයක්ම භාගෙට කරලා තින්නේ ..ණය ප්‍රතිව්‍යූහගත කිරිම භාගෙට.. විදේශ සම්බන්දතා භාගෙට පටන් ගන්නවා කරගෙන යන්න බෑ.. මෙ අයවැය රනිල්ගේ අවසාන අය වැය..ජනතාවට සහන ගෙන්න නමි අලුත් ආදායම් මාර්ග ගෙන්න ඕන ..එයා ජනාධිපති වෙලා අවුරැදු 1 1/2  හැම සති අන්තෙම රටවටේ යනවා .. සුරංගනා කතා කියලා එනවා..එකාධිපතිවාදය මර්ධනය රට පාලනය කරනවා..එයාම ව්‍යවස්ථාසභා කොමිසංසභා පටන් අරන් එවා සත පහාකට ගනන් ගන්නේ නෑ...බණ කියනවා ප්‍රජාතන්තවාදය ගැන ..
රනිල් ලොකුවටම බය සමගිජන බලවේගයට..මෙ වනවිට පොලිටිකල් ගෙම් ගහන්න වට පිටාව හදනවා..දකෂිණාන්ෂ දේෂපාලනයක් රටට අවශයි.. එ ඔස්සේ විවෘත ආර්ථික සම්බන්දතා තුළින් යන කාණ්ඩායමකට ඉන්නේ සමගිජන බලවේගේ. '' 

 

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුවහොත් ජයග්‍රහනය කිරීමේ හැකියක් තිබෙන බව විවිධ සමීක්ෂණ හරහා පෙන්වීමට ආණ්ඩුවේ ඇතැමුන්  උත්සහ ගනිමින් සිටින පැවසු එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා, ''ඒවා වෙන්නේ නෑ! හොරු එක්ක ගියොත් අපිත් විනාශයි'' යයි අවධාරණය කළේය.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්